කැළේ පිපුණු මලක් විලස - ඩබ්.ඩී. අමරදේව | Kale pipunu malak wilasa - WD Amaradewa - sinhala lyrics


කැළේ පිපුණු මලක් විලස
ඇගෙ රූ සිරි දිලෙනා
ඇලේ දොලේ පෙන පිඬු ඇගෙ
සිනා වතින් සැලෙනා

කැලේ එපිට ඈත රටක
ගව් සිය ගව් දුරිනා
සිදාදියෙන් එ මල සොයා
කවුදෝ එනු ඇසෙනා

සිදාදියේ මන්දිරයක
සඟවාලන ලෙසිනා
දෑස වසා ඇය ගෙන යන
රහස් කතා ඇසෙනා

කැළේ පිපුණු මලක් විලස
ඇගෙ රූ සිරි දිලෙනා
ඇලේ දොලේ පෙන පිඬු ඇගෙ
සිනා වතින් සැලෙනා

සිදාදියේ මන්දිරයක
බැල මෙහෙවර කරනා
අනාගතය සිහිවී ඇගෙ
නෙත කඳුලැලි සැලෙනා

හදේ නැගෙන ගිණි දැල්ලක්
ඇගෙ රන් බඳ වෙලෙනා
කැළේ පිපුණු සොඳුරු මලට
නැතිදෝ රැකවරණා


ගායනය, සංගීතය - ඩබ්.ඩී. අමරදේව
ගී පද - මොනිකා රුවන්පතිරණ




වීඩියෝව ගත්තෙ මෙතනින් - Nuwan Dikmadugoda

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...