රණඹර ඉඳු දුනු - මිල්ටන් මල්ලවාරච්චි | Ranambara indu dunu - Milton Mallawarachchi - sinhala lyrics


රණඹර ඉඳු දුනු සිතුවම් වෙලා
බිඟු වැල් මල් කෙමි මත මත්වෙලා
වසන්තේ උදාවුණා
වසන්තේ උදාවුණා //

රන් බඳ රන් කුඹු රන් සළු වෙලා
චන්දන අංජන දෙනෙතේ උලා
දෙපයේ කිංකිණි නූපුර සොලවා
මා වෙත ඈ එනවා

රණඹර ඉඳු දුනු සිතුවම් වෙලා
බිඟු වැල් මල් කෙමි මත මත්වෙලා
වසන්තේ උදාවුණා
වසන්තේ උදාවුණා

ඇගෙ ළැම රන් ගිරි බ‌ෙයද මැදේ
මගෙ ජීවන රජ මැදුර සැදේ
සිහින විමානේ ආදර මතඟන
මා වෙත ඈ එනවා

රණඹර ඉඳු දුනු සිතුවම් වෙලා
බිඟු වැල් මල් කෙමි මත මත්වෙලා
වසන්තේ උදාවුණා
වසන්තේ උදාවුණා //


ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන




වීඩියෝව ගත්තෙ මෙතනින් - Suneth Channaka

Comments

  1. වසන්තේ උදාවුණා
    වසන්තේ උදාවුණා //

    මේ දෙවැනි පදයෙ “වසන්තේ“ ද නැත්නම් “දසන්තේ“ ද?

    ReplyDelete
    Replies
    1. අනුවාද කීපයක්ම ඇහුවා. තැන් දෙකේදිම කියන්නෙ 'වසන්තේ' කියලයි. :-)

      Delete
  2. ඇග ලැම රන් ගිරි බෙයද මිස දෙයද නෙවෙයි.බෙයද කියන්නේ කන්දට

    ReplyDelete
    Replies
    1. හැදුවා! ස්තූති වේවා!

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...