පෙනුණු සුව දසුන් - හෙන්රි කල්දේරා | Penunu suwa dasun - Henri Kaldera - sinhala lyrics


පෙනුණු සුව දසුන් දස අත මිලින වී ගියා
දකිනු රිසි නොවී හිතකට දෙවනවද ඔයා
යහන මත වදී හිරු දෙවි දෙ ඇස පිය පියා
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා

සෙල්ලම් ගෙවල් තනාගෙන වැලි බත් උයා කවා
වල් කොළ කොටා දියේ මුසුකර තේ හදා පොවා
සැලැකූ ළමා වියේ සැලැකිලි නොමැත මගහැරී
මට ආදරෙයි කියන්නකො මුවගින් අමා පිරී

ඇන්ද රතු වලා සිතුවම් හකුළුවා තියා
සිතරු තෙම සැඳෑ අඳුරට ඉඩ තබා ගියා
සීත සඳ නැඟෙයි පෙරඹර කවුළු දොර අයා
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා

හමුවුණි අනන්ත මල් රුව මිස සුවඳ නොතැවරි
ලියලයි හදේ පැතුම් වැල ඔබ වෙතම හැරි හැරී
පාළුව ලැගුම් ගනී හද තුළ පතුල එරි එරී
මට ආදරෙයි කියන්නකො මුවගින් අමාපිරි

පෙනුණු සුව දසුන් දස අත මිලින වී ගියා
දකිනු රිසි නොවී හිතකට දෙවනවද ඔයා
යහන මත වදී හිරු දෙවි දෙ ඇස පිය පියා
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා

යහන මත වදී හිරු දෙවි දෙ ඇස පිය පියා
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා

ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා //


ගායනය, සංගීතය, ගී පද - හෙන්රි කල්දේරා



වීඩියෝව ගත්තෙ මෙතනින් - Henry Caldera හෙන්රි කල්දේරා



Sinhala Song

Comments

  1. "සිතරු තෙම" නෙවෙයි "සිතරු පෙම" කියලා නේද? එන්ඩ ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඉර බැහැල ගියා කියල නේද කියන්නේ? සිතරු තෙම අඳුරට ඉඩ තබා ගියා කියල?

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...