අවසන් සැඳෑවයි දෙදෙනා හමු වූ - ලලිත් පොන්නප්පෙරුම | Awasan sandewai dedena hamu woo - Lalith Ponnamperuma - sinhala lyrics


අවසන් සැඳෑවයි දෙදෙනා හමු වූ
මින් මතු නෑ අප හමු වන්නේ
දෛවය ළං කළ අප දෙදෙනාදෝ
වෙන් වී යන්නට සැරසෙන්නේ

ඔබගේ සුන්දර සමනළ ලෝකය
බිඳලන්නට බැහැ කුරිරු වෙමින්
කඳුළු දරාගෙන වෙන් වී යන්නට
සමුදෙනු මැනවි සුහද සිතින්

අවසන් සැඳෑවයි දෙදෙනා හමු වූ
මින් මතු නෑ අප හමු වන්නේ
දෛවය ළං කළ අප දෙදෙනාදෝ
වෙන් වී යන්නට සැරසෙන්නේ

ඉඳ හිට මග තොට හමුවන මොහොතක
ඉවත බලාගෙන යන්න එපා
මේ සංසාරෙදි මා නොපැතූවත්
එය හඟවා රිදවන්න එපා

අවසන් සැඳෑවයි දෙදෙනා හමු වූ
මින් මතු නෑ අප හමු වන්නේ
දෛවය ළං කළ අප දෙදෙනාදෝ
වෙන් වී යන්නට සැරසෙන්නේ

මින් මතු නෑ අප හමු වන්නේ
වෙන් වී යන්නට සැරසෙන්නේ
මින් මතු නෑ අප හමු වන්නේ


ගායනය - ලලිත් පොන්නනම්පෙරුම



වීඩියෝව ගත්තෙ මෙතනින් - lakmal

Comments

  1. ගී පැදුරේ මේල් ඇඩ්රස් ඒක කියපියෝ ..මට මේල් එකක් එවන්න තියනාවෝ .. :D

    ReplyDelete
  2. නියමයි . . මගේ ආසම ගීයක්

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...