ස්වර්ණ විමානෙට - ඩබ්ලිව්. ඩී. අමරදේව | Swarna Vimaneta - W. D. Amaradewa - sinhala lyrics


ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්..
ඔරුවට ගොඩවී මා එනවා..
ස්වර්ණ වර්ණ රන් එළිය දකින්ට
නළ රැලි මත නැඟිලා එනවා....//

වැල්ලේ පාවී වැල්ලේ බිහිවන
සංගීතෙන් අප හමුවෙනවා...//
සැන්දෑ යාමේ පෙම් රස කළතා
සැන්දෑ යාමේ පෙම් රස කළතා
සාගර ජල කඳ නැලැවෙනවා....

ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්...

මුතු බෙලි කටුකිලි කවඩි පුරාගෙන
ඔරුවට ගොඩවී මා එනවා...//
මගේ අනාගත පැතුම් විමානෙට
මගේ අනාගත පැතුම් විමානෙට
සෙනෙහස පොදි බැද ගෙන එනවා....

ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්..
ඔරුවට ගොඩවී මා එනවා..
ස්වර්ණ වර්ණ රන් එළිය දකින්ට
නළ රැලි මත නැඟිලා එනවා...
ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්..

ගායනය - ඩබ්ලිව්. ඩී. අමරදේව
තනුව - ඩබ්ලිව්. ඩී. අමරදේව
ගී පද - මඩවල එස්.රත්නායක

“ගැටවරයෝ“ චිත්‍රපටයේ ගීතයක්


වීඩියෝව ගත්තෙ මෙතනින් - Job



Comments

  1. මං හිතාගෙන හිටියේ මේ සිංදුවෙන් කියවෙන්නේ ස්වර්ණ භූමිය (තායිලන්තය) ගැන කතාවක් කියලා. වීඩියෝ එක දැක්කාට පස්සේ තමයි ඇත්ත කතාව තේරුම් ගත්තේ.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...