සුවඳ රෝස මල් නෙලා - සුනිල් සාන්ත ‍| Suwanda rosa mal nela - Sunil Santha - sinhala lyrics


සුවඳ රෝස මල් නෙලා
මාලයක් ගොතාලා
මගේ කොමල සොඳුරියේ
බඳිමි ඔබ ගෙලේ

එන්න සුදෝ එන්න අනේ
එන්න මා වෙතේ
එන්න මගේ සුරත ගන්න
පෙම් දමින් වෙලා
පෙමෙහි මිහිර විඳ අපි
දිවිය ගෙවමුදෝ
එලොවැ මෙලොවැ සියළු සැපට
ඔබමැ කරුණු වේ

සුවඳ රෝස මල් නෙලා
මාලයක් ගොතාලා
මගේ කොමල සොඳුරියේ
බඳිමි ඔබ ගෙලේ

ගිරා හඬත් කොහෝ හඬත්
කෝකිල නාදේ
සමග රැගෙන මැවුණු රිදී
හඬක් මෙන් අගේ
සොඳුර නුඹගෙ කට හඬේ
ලලිත සුමිහිරී
එන්න අනේ මා නලවා
යන්න පියබඳේ

සුවඳ රෝස මල් නෙලා
මාලයක් ගොතාලා
මගේ කොමල සොඳුරියේ
බඳිමි ඔබ ගෙලේ


ගායනය, සංගීතය - සුනිල් සාන්ත
ගී පද - හියුබත් දිසානායක




වීඩියෝව ගත්තෙ මෙතනින් - Ruchira Bandara

Comments

  1. සුවඳ රෝස මල් නෙළා - මාලයක් ගොතාලා" මෙම පද පෙළෙහි ඇතුළත් කණ්ඨජාක්ෂර දෙකක් දැක්වෙන වචන දෙක වන්නේ.....

    ReplyDelete
  2. රෝස මලයි පිච්ච මලයි එකට එකතු වී... මැවුණ අරුම මලක් වගෙයි මුහුණ සුදු ඔබේ...

    ReplyDelete
    Replies
    1. රෝස මලයි සමන් මලයි එකට එකතු වී... මැවුණ අරුම මලක් වගෙයි මුහුණ සුදු ඔබේ...

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...