සයුරේ පාවී වෙන්වී ගියේ - මිල්ටන් මල්ලවාරච්චි | Sayure pawee wenwee giye - Milton Mallawarachchi - sinhala lyrics


සයුරෙහි පාවී වෙන්වී ගියේ
ඔබ ළඟ රන්දා මගේ ආදරේ //

දිනකර දවාලයි දවස පුරා මා
ඉමකර නැගේ මුදු සිසිල සලා
දවස පුරා හෝ මුළු රැය පුරා හෝ
ඔබ මා හදේ යාවේ සුසුම් ලෙසේ

සයුරෙහි පාවී වෙන්වී ගියේ
ඔබ ළඟ රන්දා මගේ ආදරේ //

දවස ගෙවී යයි දියඹ සරා මා
ඈත ඇදේ යළි දියත පුරා
දුර රටකදී හෝ ළඟපාතදී හෝ
ඔබ මා හදේ යාවේ සුසුම් ලෙසේ

සයුරෙහි පාවී වෙන්වී ගියේ
ඔබ ළඟ රන්දා මගේ ආදරේ ///

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය - ස්ටැන්ලි පීරිස්
ගී පද - වර්නන් පෙරේරා




වීඩියෝව ගත්තෙ මෙතනින් - sindulanthe

Comments