දුර අහසට මේ - අරුණ තමෙල් | Dura Ahasata Me - Aruna Thamel - sinhala lyrics


දුර අහසට මේ පොළොවෙ ඉදන් ගව් ගණන් කීයද..
මා විසිකෙරුවේ ඒ තරම්ම දුරින් දුරටද..
ඔබ අත් හැරලා පෙම් කරාට මාව සඳහට..
මට හිදින්න බෑ ඒ මතකෙන් කොහොමත් එලෙස..

මහමෙර වගේ තවමත් මගේ හදවතේ නුඹ..
රිදවනවා පපුව මගේ ඇවිදින් විටින් විට..
වෙන්වීලා දුරක ගියත් මගෙන් සඳහට..
වෙන් වෙන් නෑ සත්තකින්ම හදවතින් නුඹ..

දුර අහසට මේ...

ප්‍රේමය විරහා ගිණි කන්දක මා සදා තනිකර..
දුරින් ඉන්නේ කොහොමද දැන් සතුටින් හදන් හිත..
වෙන්වීලා දුරක ගියත් මගෙන් සඳහට..
වෙන් වෙන් නෑ සත්තකින්ම හදවතින් නුඹ..

දුර අහසට මේ...

ගායනය : අරුණ තමෙල්
පද රචනය : විරාජ් අමරකෝන්
සංගීතය : අරුණ තමෙල්


වීඩියෝව ගත්තෙ මෙතනින් - EvolutionfilmsLK


Comments