අමකර කුරවි සරින් - ඩබ්ලිව්. ප්‍රේමරත්න | Amakara kurawi sarin - W Premarathna - sinhala lyrics


අමකර කුරවි සරින්
තෙපලූ මධුර කතා
හිමකර නොසිතු ලෙසින්
ඔබය සුවය ගෙනා //
අමකර කුරවි සරින්

හස තුඩු ගැටුණු සැනින්
කැකුල මත් වූවා
මතකයි නොහිමි සුවෙන්
දිනක් ගත වූවා //

අමකර කුරවි සරින්
තෙපලූ මධුර කතා
හිමකර නොසිතු ලෙසින්
ඔබය සුවය ගෙනා
අමකර කුරවි සරින්

මදරද නොමැත තෙතක්
විඳිමි සරාදරේ
ළඳ ඔබ ම වෙත යලිත්
කෙදින පැමිණේවිදෝ //

අමකර කුරවි සරින්
තෙපලූ මධුර කතා
හිමකර නොසිතු ලෙසින්
ඔබය සුවය ගෙනා //


ගායනය - ඩබ්ලිව්. ප්‍රේමරත්න
සංගීතය - මොහමඩ් සාලි
ගී පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන



වීඩියෝව ගත්තෙ මෙතනින් - Hopalu Wanapetha - KDK Dharmawardhana Lyrics

Comments

  1. අමකර කුරවි සරින්
    තෙපලූ මධුර කතා
    නිමකර ??????? නොසිතු ලෙසින්
    ඔබය සුවය ගෙනා

    Obe madhura kathaa baha balaaporotthu nathi widiyata nawatthala daala mata sanaseema genadunnaa...!!!!

    Ehemada....?

    "Himakara" wiya yuthui.

    ReplyDelete
  2. Padhamaalaawa meken balaaganna. https://youtu.be/WgGkrxD_rE0

    ReplyDelete
  3. WHATS THE MEANING OF THIS SONG

    ReplyDelete
    Replies
    1. අමකර කුරවි සරින්
      මෙතන "අමකර කුරවි සරින්" කියන්නේ පරවියන්ගේ කකුල් ගැටෙන මිහිරි නාදයෙන්
      මධුර කතා තෙපලමින් සිටි ඔබ "නිමකර නොසිතු ලෙසින්", හිතන්නැති මොහොතක, කතාවෙන් එහාට ගිය යමක් කරන්නට පෙළඹුණා.... මෙතන ඇය ගෙනෙන සුවය , ගීතය රසවින්දින්නගේ මනසේ මැවෙන රූප වලට ගීත රචකයා විසින් අපුඋරුවට ඉඩ තබා තිබෙනවා...

      "හස තුඩු ගැටුණු සැනින්" මෙතන "හස තුඩු" නමින් උපමා කරන හංසයාගේ තුඩු හෙවත් ඇයගේ තණ පුඩු ගැටෙන විට
      "කැකුල මත් වූවා" කියන්නේ පිරිමියෙක්ගේ ලිංගික උත්තේජනය වීම
      මෙතන "නොහිමි සුවෙන්" කියන නිසා මෙය අසම්මත සම්බන්දයක් හෝ ගණිකාවකගේ ඇසුරක් වීමට හැකිය
      "දිනක් ගත වූවා " මේ පිරිමියා එදා සිදුවීම ගැන සිහිකරනවා

      "මදරද නොමැත තෙතක් " මට හැඟෙන විදියට මෙතන කියන්නේ කාමයෙන් මත්වෙලා, ආදරයක්, අනුකම්පාවක් නැතිව විඳින කාම ආශාවන් . "සරාදරේ" කියන්නේ එක නිසා.
      ඇය යලිත් ඔහු වෙත එනතෙක් ඔහු නොඉවසිල්ලෙන් බල සිටී .....
      ළඳ ඔබ ම වෙත යලිත්
      කෙදින පැමිණේවිදෝ //

      මෙය k D K ධර්මවර්දන යන්ගේ අති විශිෂ්ටම ගී පදමාලාවකි ......

      ඔබේ අදහසත් ලියන්න ...

      Delete
    2. අමකර කුරවි සරින් තෙපලූ මධුර කථා..
      යනු "කුරවි" කියා කුරුල්ලෙක් ඉන්නව උගෙ හඬ තමයි කුරුල්ලන්ගෙන් මිහිරිම. සිංහයෙක් ගොදුරකට පනිද්දි ඒ හඬ ඇහුනොත් ගොදුර අතෑරල ඒ හඬට සවන් දෙනවලු. මෙතන ඇයගේ හඬ කුරවිට සමාන කරල තියෙන්නෙ.
      "හිමකර" කියන්නෙ සඳ.....සඳ තියෙන වෙලාවක නොසිතුව ලෙස ඇය සුවයක් ගෙනල්ලා..
      "හසතුඩු" ගැටුනු සැනින් "කැකුල" මත් වූවා...හංස යුවලේ තුඩු ස්පර්ශ වූ විට කැකුළ කියන්නෙ ස්ත්‍රියගේ රහස් ප්‍රදේශය.
      මතකයි නොනිමි සුවෙන් දිනක් ගතවූවා...තවමත් මතකයි ඒ රාත්‍රිය..
      "මදරද" යනු අනංගයා මේ මොහොතේ කිසිම තෙතක් නෑ අනංගය ලඟ..රිසි සේ කාර්‍ය සිදුවෙලා. ආයෙත් දවසක ඔබ එතැයි මං මග බලන් ඉන්නවා...
      Fb Name : Kapila Mudalige Kumara

      Delete
  4. ඉතා විශිෂ්ඨ පදරචනාවක්. මිහිරි ගායනයකි

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...