මගේ රටට දළදා හිමි සරණයි - සනත් නන්දසිරි | Mage Ratata Dalada Himi Saranai - Sanath Nandasiri - sinhala lyrics


මගේ රටට දළදා හිමි සෙවණයි..
මගේ දැයට දළදා හිමි සරණයි..
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
උපතින් මා හට මේ හැම උරුමයි...//

දළදා මැදුරේ රන්කොත මුදුනේ..
මිණි කිරණින් මුළු රටම අවදි වේ..//
දෙදහස් වසරක මහරු අතීතය..
සීහ තේජසින් යළි පිබිදී එයි..//

මගේ රටට දළදා හිමි සෙවණයි..

මෙතැනම වී දැය එක ලෙස බැඳුනේ
සිත් තුල බිය සංඛා දුරු කෙරුනේ..//
සමිඳුන් සෙවනේ ජය දද බැඳුනා..
ජය බෙර වැයුනා ජය ගී ගැයුනා..//

මගේ රටට දළදා හිමි සෙවණයි..

ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : සුනිල් සරත් පෙරේරා
සංගීතය : මහාචාර්ය සනත් නන්දසිරි




වීඩියෝව ගත්තෙ මෙතනින් - daham8


ඒක තමයි මේක - Funky Dirt ‍| Eka Thami Meka - Funky Dirt - sinhala lyrics


 it's me   මැට්ට වගේ ආදරේ කලේ..
it's me   එල හරකා වාගේ සීරියස් වුණේ..
it's me   රෝමියෝ වෙන්න දැඟලුවේ..
it's me   අද මෝඩයා වෙලානේ නැවතුනේ...

it's me
ඒක තමයි මේක - ප්‍රේමෙ තමයි මේක..
කියල හිතල සිරා වෙන්න ගිහිල්ලානේ වැරදුනේ..
ඒක තමයි මේක - මේක තමයි ඒක..
කියල හිතල සිරා වෙන්න ගිහිල්ලානේ වැරදුනේ..

ලයි ල ලයි.. මදැයි මා පෙම් කලා..
ලයි ල ලයි.. මදැයි මා love කලා..
ලයි ල ලයි.. ඇයි ගියේ වෙන් වෙලා..
ලයි ල ලයි.. මං මෙහේ තනිවෙලා..

it's me
කරපිංචා වාගේ හොද්ද රස කළේ..
පස්සෙ රස බලද්දි මාව අහක් කරල විසි කළේ..
it's me  පෙමක් නිසා මදක් කිච වුනේ
it's me  රෑ වැටුණු වලේ දවල් ද වැටුනේ

it's me ඒක තමයි මේක...//

මම බ්‍රේක් නැතිව කිලෝ ගණන් හීන මවද්දී..
එයා බ්‍රේකප් වෙන්න දාලා යන්න හේතු හොයද්දී..
ඊයේ ගැලපුණු හඳහන් අද අවුල් කියද්දී..
තේරුණේ මට පෙරලෙන බව ප්‍රේමේ බාල්දි..

Hurts me...
when i miss your..
lips are kissing me...baby
මාසෙකින් ඒ ප්‍රේමේ කල් ඉකුත් වුණි..

it's me
මඟුල් පෝරු බැන්දේ - දීගෙට නැකැත් බැලුවේ..
ඒවට බජට් දැම්මේ - බබාට නමුත් බැලුවේ..

ඒක තමයි මේක...///

ගායනය : Funky Dirt
පද රචනය : මුර්ෂාර්ඩ් හුවයිස්
සංගීතය : ෂෙනාල් මද්දුමගේ


වීඩියෝව ගත්තෙ මෙතනින් - Music.lk 


බඹරෙකු ආවයි නිරිත දිගේයා - ඩබ්ලිව්. ඩී. අමරදේව | Bambareku Awai Niritha Digeya - W.D.Amaradewa - sinhala lyrics


බඹරෙකු ආවයි නිරිත දිගේයා..
හද පෑරූවයි මියුරු රසේයා..
මල් පරවූවයි - සෝකෙන් බෝමා
කඳුළු ගැලූවයි දෙලෝ ගැඹේයා...//

සීත හිමේ ලෙනකට පිවිසුනාදෝ..
ඈත එපිට ගිරිකුලකට ගියාදෝ..//
මෑත මෙපිට මේ හදෙහිම ලගීදෝ..
දෑස අඳුරු වී මා තනි වුනාදෝ..

බඹරෙකු ආවයි...

සලමුදු සුවඳ පොඩි අත්තටු මියුරු සරින්
නලමුදු සුවඳ විඳගන්නට ගියත් වරෙන්..//
බල බිඳ දමා හිරු යනවිට අවරගිරෙන්
සලමින් පිපුණ මල් පැණි බොනු රිසිව වරෙන්..

බඹරෙකු ආවයි...

ගායනය : පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය : මඩවල එස්. රත්නායක
සංගීතය : පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව


වීඩියෝව ගත්තෙ මෙතනින් - Ruchira Bandara


මා හද අසපුව - සනත් නන්දසිරි | Ma Hada Asapuwa - Sanath Nandasiri - sinhala lyrics


මා හද අසපුව කුසුමෙන් සැරසුණු
ඒ මල් බර දෑතයි..
ජීවන මහමඟ කැල්මෙන් හෙලිකල
ඒ නිල්මිණි දෑසයි
දකින තුරු - සිතදැඩි අවිවේකයි..

සෙනෙහස පොදි බැඳ හිසින් දරා
සැනසිලි පිණි දිය රැගෙන පෙරා..//
සැතපෙන කුටියට ඇය ආ අන්දම
සුවඳ සිහිනයකි භවය පුරා...

මා හද අසපුව...

මුවින් අමුද බිදු, බිදු වෑහේ..
සිතුම් පැතුම් එකිනෙක පෑහේ..//
දායාදය ලෙස අබැටක් නොපතමි
ඇගෙ නොකැළැල් හද මට සෑහේ..

මා හද අසපුව...

ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීතය : මහාචාර්ය සනත් නන්දසිරි


වීඩියෝව ගත්තෙ මෙතනින් - pathm11


හමුවන්න අයිති නැති මුත් - ෂාහිල් හිමාස | Hamu Wanna Aithi Nathi Muth - Shahil Himasa - sinhala lyrics



හමුවන්න අයිති නැතිමුත්
අපි හමුවුනා ලොවම රවටා
එක්වෙන්න හීන මැවුවත්
එක්වෙන්න බෑ අපට කිසිදා..
ආයේ නොයෙනා - දිනෙක මතුදා..
මට ලැබුනොතින් ඔයා...
පිළිගන්නවා පාවඩ එලා..

හද පතුලේ රැදුන මගේ ආදරේ සඟවාලා..
දෙතැන අපේ හිමි අරණේ කාටවත් නොපවසා..
ආයේ නොයෙනා - දිනෙක මතුදා..
මට ලැබුනොතින් ඔයා...
පිළිගන්නවා පාවඩ එලා..

මධු කුලයේ බඹරු ඔබේ ආදරේ පොරකාලා..
රැගෙන ඔබේ වටිනම දේ හැරගියත් ඉගිලිලා..
ආයේ නොයෙනා - දිනෙක මතුදා..
මට ලැබුනොතින් ඔයා...
පිළිගන්නවා පාවඩ එලා..

හමුවන්න අයිති නැතිමුත්...

ගායනය : ෂාහිල් හිමාස
පද රචනය : සජිත් වී චතුරංග
සංගීතය : චමත් සංගීත්


වීඩියෝව ගත්තෙ මෙතනින් - Nishan udayanga Dias


කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ - ධර්මරත්න සහෝදරයෝ | Kalakata Pera E Bethleheme - Dharmarathne Brothers - sinhala lyrics



කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ
ශුද්ධ වූ නගරේ..
ජේසු මෙලොවට බිහිවුණේ
පුංචි ගව මඩුවේ...//

උඳුවප් මාසේ සීතල දවසක
මැදියම් රෑ යාමේ..
දෙව්මව් තුරුලේ උණුසුම ලබමින්
මේ ලෝකෙට ආවේ..

සීත සුළං රැළි දසත හමද්දී
සැතපීලයි උන්නේ..
දුප්පත් එඩේරු මේ බව දැනගෙන
ගවලෙන වෙත යන්නේ..

වටපිට රොක්වී උම්බෑ ගාමින්
හරකුන් කෑ ගසති..
රජතුන් කට්ටුව බිලිඳු ළඟ වැටී
පඬුරු ඔප්පු කරති..

මරියතුමියගේ පෙම්බර මුහුණේ
එළියක් දිස්වූයේ..
ජුසේතුමා කිසිදාකත් නෑ දෙවි
අණකට පිටුපෑවේ..

මිනිස් සමාජය පාපෙන් බේරා
ගන්නට මෙහි ආවා..
දිවැස්වරුන් බොහෝ කලකට පෙර කී
දේ ඉන් ඉටුවූවා..

කලකට පෙර ඒ....

ගායනය : ධර්මරත්න සහෝදරයෝ
පද රචනය : මිල්රෝයි ධර්මරත්න
සංගීතය : ධර්මරත්න සහෝදරයෝ


වීඩියෝව ගත්තෙ මෙතනින් - Nimal Bonifus

 

ඔබ නැති දුක තුරුළු කරන් - රහල් අල්විස් | Oba Nathi Duka Thurulu Kran - Rahal Alwis - sinhala lyrics



ඔබ නැති දුක තුරුළු කරන්
මියැදෙන්නම් මම තනියෙන්
ඉන්න ඔබ සතුටින්
නොයෙන ගමන් ගිය පුංචි ඇස්දෙක වාගේ..//

නොලැබෙන ඔබ ගැනම සිතා
අසරණ සිත බොළඳ වෙලා..//
කඳුළු තියා මට කොහෙද ඔයා අද
නොයෙන ගමන් ගිය පුංචි ඇස්දෙක වාගේ..//

ඔබ නැති දුක තුරුළු කරන්...

නොපෙනෙන ලෙස දුරට වෙලා
සිටියත් මගෙ දෙසම බලා...//
අහිමි වුනත් මට තවම ඔබෙයි මම
නොයෙන ගමන් ගිය පුංචි ඇස්දෙක වාගේ..//

ඔබ නැති දුක තුරුළු කරන්...

ගායනය : රහල් අල්විස්
පද රචනය : සජිත් වී චතුරංග
සංගීතය : රධීශ් වැන්දබෝනා


වීඩියෝව ගත්තෙ මෙතනින් - EvolutionfilmsLK


ඔබ රැවටුව හිත ඇතුලේ - ලක්ෂ්මන් හේවාවිතාරණ | Oba Rawatuwa Hitha Athule - Lakshman Hewawitharana - sinhala lyrics



ඔබ රැවටුව හිත ඇතුලේ
කකියාගෙන එන දුක නම්
තව නෑ කවුරුත් දන්නේ
විදවන හැටි මා තනියෙන්..

වෙන හිතක් දිහාවත් බලන්න බෑ මට
ඔබ විතරයි පැතුවේ..
හදවත ගැඹුරේ නැගෙන වේදනා
මං විතරයි දන්නේ...

නොලැබෙනා ඔබට මං තව තවත් පෙම් කලා..
හිතකින්ද කීවේ ඔයා මා ඔබේමයි කියා..
තේරුම් ගියාට පසු මගෙ සෙනෙහස මහමෙරක් කියා
ඔයා හඩයි සත්තකින් මං හැඬුවටත් වඩා..

ආදරේ ඔබට නම් නොතැවුනේ ඇයි ඉතින්..
මම තරම් වෙන කෙනෙක් ආදරේ නෑ ඉතින්
තේරුම් ගියාට පසු මගෙ සෙනෙහස මහමෙරක් කියා
ඔයා හඩයි සත්තකින් මං හැඩුවටත් වඩා..

ඔබ රැවටුව හිත ඇතුලේ...

ගායනය : ලක්ෂ්මන් හේවාවිතාරන
පද රචනය : සත්සර කසුන් පතිරණ
සංගීතය : සත්සර කසුන් පතිරණ


වීඩියෝව ගත්තෙ මෙතනින් - FM Derana


හිමි නොවුන නෙතු ඇඳුනු - බාචි සුසාන් | Himi Nowuna Nethu Adunu - Bachi Susan - sinhala lyrics


හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්..
සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන්..
කඳුලකට අත වනන හදවත කොනින්..
මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්..

බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්..
මට හරිම පාළුයි මගේ රත්තරන්..
බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්..
මට හරිම පාළුයි මගේ රත්තරන්..

හුරතල් වෙවී කනට කෙදිරූ වදන්..
මගෙ හිතම පිරවූ එදා..
එක වචනයක් වත් කියන්නට තරම්..
හිත දෙන්නෙ නැතිවද මෙදා..

ආ..දරෙන් දෑත අල්ලන්..
අපි එදා උන්නු සෙනෙහේ නමින්..
සිනහවී ඉන්න දැන්වත්
ඇයි ඔයා ඉන්නේ නෙතුකැන් පියන්..

සුදු පිච්ච හැඩ වැටනු සුදු ගවුම ඇදලා..
අද නම් ඔයා ලස්සනයි..
ඇස්දෙක පියන් ඉන්නෙපා තරහවීලා..
මගෙ හිතට දැන් හරි බයයි..

පාළුවේ මාව තියලා දැන්
එපායන්න එපායන්න එපා..
මේ තරම් හීන අතරේ
වැලපිලා ඉන්න බෑ තනිවෙලා..

හිමි නොවුන නෙතු ඇඳුනු...

ගායනය : බාචි සුසාන්


වීඩියෝව ගත්තෙ මෙතනින් - neranjana abeysinghe

ළිදෙන් වතුර බීලා - වික්ටර් රත්නායක | Liden Wathura Bila - Vicotor Rathnayake - sinhala lyrics


ළිදෙන් වතුර බීලා..
එයින් වතුර නාලා..
ළිඳට ගල් ගසාලා..
වතුර බොර කරයි මිනිසා..
වතුර බොර කරයි මිනිසා
ගඟට ආවඩයි..

ගහේ වැල එතීලා යාවී හැදී..
පසුව මිලින වීලා සාරේ අදී..
කාලා බීලා නිදලා කාලේ ගෙවයි..
කාපු තැනද වනසා මිනිසා දුවයි..

ළිදෙන් වතුර බීලා...

ඉණිමන් තබාලා නැගීලා බලයි..
එයට පහර දීලා කඩාලා දමයි..
අතීතේ නසාලා දිනුවා සිතයි..
තිබූ තැනද නැතිවී පරාදේ වැටේ..

ළිදෙන් වතුර බීලා...

ගායනය : වික්ටර් රත්නායක
පද රචනය : සිරිල් ඒ සීලවිමල
සංගීතය : ආර්. ඒ. චන්ද්‍රසේන


වීඩියෝව ගත්තෙ මෙතනින් - Din Summer

 

හදවත ගැහෙනා - විරාජ් පෙරේරා | Hadawatha Gahena - Viraj Perera - sinhala lyrics


දෑසේ ඔය රුව මැවිලා..
නෑ ලඟ සැනසුම රැදිලා..
කාලය හෙමිහිට ගෙවිලා..
යයි තව අපි දුර ඇදිලා..

හදවත ගැහෙනා..ගැහෙනා මොහතක් පාසා..
මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා..
ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා..
මේ සංසාරේ ඔබ සතුටයි මට ඕනා..

රෑ අහසේ තරු නෑ දැන් හිනැහෙන්නේ..
ඔබ කොහෙදෝ මා හැරදා අද ඉන්නේ..
මගෙ ලෝකේ ඔබ පමණයි මට උන්නේ..
ඔබ ගියදා දුක විතරයි මට ලැබුණේ..

පාළුවේ තනිවෙලා මා ඉන්නවා..
ඔබ ලඟින් උන්නු කාලයේ..
දුන් ආදරේම ජීවිතේ වෙලා..

හදවත ගැහෙනා...

මා දන්නා කවුරුත් නැහැ ඔබ වාගේ..
දුක දන්නේ කවුරුද මගෙ ඇස්වාගේ..
සැනසෙන්නම් උන්නා නම් නෙතු මානේ..
මියැදෙන්නම් ලඟටම වී ඔය තුරුලේ..

පාළුවේ තනිවෙලා මා ඉන්නවා..
ඔබ ලඟින් උන්නු කාලයේ..
දුන් ආදරේම ජීවිතේ වෙලා..

හදවත ගැහෙනා...

ගායනය : විරාජ් පෙරේරා
පද රචනය : සත්සර කසුන් පතිරණ
සංගීතය :  සත්සර කසුන් පතිරණ


වීඩියෝව ගත්තෙ මෙතනින් - Evoke Music


සමාවෙනවාදෝ හැර ගියත් - සුරේන්ද්‍ර පෙරේරා | Samawenawado Hera Giyath Ma Eda - Surendra Perera - sinhala lyrics



සමාවෙනවාදෝ හැර ගියත් මා එදා...
අහිංසක ඔබගේ නෙතට කඳුළක් තියා..//

මතකද අපි පෙර දිනකදී ආදරේ කළා..
ඔබ කීවේ හැම වේලේ මා ඔබේ කියා..//
හඬනා නෙතු ඔබේ - නොබලා මම ගියේ..
බොහෝ දුකක් මගේ - තියාගෙනයි හිතේ..
තියාගෙනයි හිතේ..

පෙර භවයකදී කෙදිනකදී හරි පෙම්වතුන් වෙලා..
මම ගැනනම් දුක ආයේ වෙනවා ඇති ඔයා..
තැවෙනා හිත මගේ - ඔබමයි විමසුවේ..
දුරස්වෙලා ගියේ - කියන්න ඇයි මෙසේ..
කියන්න ඇයි මෙසේ..

සමාවෙනවාදෝ...

ගායනය : සුරේන්ද්‍ර පෙරේරා
පද රචනය : සජිත් වී. චතුරංග
සංගීතය : රධීශ් වැන්දබෝනා


වීඩියෝව ගත්තෙ මෙතනින් - srilankabestmusic


කඳුළු කතාවේ නිමක් දුටුව දා - ඩබ්ලිව් ඩී අමරදේව | Kadulu Kathawe Nimak Dutuwa da - W.D.Amaradewa - sinhala lyrics



කඳුළු කතාවේ නිමක් දුටුව දා
සිහින ලතාවේ මලක් පිපුනු දා..//
සතුටු ගඟක් ගැලුවා..
හදට හදක් බැඳුනා...

ආසිරි චාමර පවන් සැලී..
සෝ දුක් සංකා සෙමින් වැකී..//
දෙගුරුන් මිතුරන් සුපැතුම් මැද්දේ..
අපේම ලොව අප තනිවූවේ..

කඳුළු කතාවේ...

සුසුමක පාකර හසුන් යවා..
දෙතැනක තනිවී හඬා දොඬා..//
ගෙවූ අතිතෙන් අප සමුගන්නෙමු..
අළුත් ලොවක රන් කිරුළු දරා..

කඳුළු කතාවේ...

ගායනය - ඩබ්ලිව් ඩී අමරදේව
සංගීතය - සනත් නන්දසිරි
ගී පද - බුද්ධදාස ගලප්පත්ති


වීඩියෝව ගත්තෙ මෙතනින් - Erandi Jayasinghe

කදුළු බිදුවක් නෙතු - රුවන් හෙට්ටිආරච්චි | Kandulu Biduwak Nethu Agin Watuna - Ruwan Hettiarachchi - sinhala lyrics

කදුළු බිදුවක් නෙතු අගින් වැටුණා..
නුඹ ඇවිත් හිත අද්දරින් රැදුණා..
පෙනෙන නොපෙනෙන - මතක අතරේ..
හිතට හුරු නැති තනිකමක් දැනුණා..
තනිකමක් දැනුණා...

සිහින ගිළිහී දෙපාමුල වැටුණා..
ඔයා නොකියම දුර ගිහින් තිබුණා..
බිදී මිය ගිය පැතුම් අභියස..
දරන්නට බැරි තරම් දුක හිතුණා..
තරම් දුක හිතුණා...

කදුළු බිදුවක්...

සුවඳ අහිමියි කියා හිත හැඬුවා..
ආයෙමත් ඔබ එතැයි කියා මට සිතුණා..
බිදී මිය ගිය පැතුම් අභියස..
ආදරේ නැති අඬුව මට දැනුණා
අඬුව මට දැනුණා....

කදුළු බිදුවක්...

ගායනය : රුවන් හෙට්ටිආරච්චි
පද රචනය : ප්‍රසංගි විජේවර්ධන
සංගීතය : රධීශ් වැන්දබෝනා


වීඩියෝව ගත්තෙ මෙතනින් - Hiru TV

දවසක් දා රෑ වසන්ත - නීලා වික්‍රමසිංහ | Dawasak Da Ra Wasantha Sanakeliye - Neela Wickramasinghe - sinhala lyrics

දවසක් දා රෑ වසන්ත සැණකෙලියේ..
දෙනෝදහක් මැද ඒ රුවමයි දුටුවේ..
සවන් පිරූ සත්සර මැද්දේ..
ඔහුගෙ ගී හඬ මට ඇසුනේ..
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ...
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ...

කලබල නගරේ යද්දී මද්දහනේ..
නොසිතූ සේ ඔහු මා අසලින් ඇදුනේ..
සවන් පිරූ රිය හඬ මැද්දේ..
ඔහුගේ ගී හඬ හිත රැදුනේ..
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ...
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ...

හැමදා නින්දේ සිහින වැලේ සැඟවෙන්නේ..
ඇයි හිත රිදවන්නේ - කිසිවක් නොකියන්නේ..
ඔහු අත වෙනතක බැඳලා දෝ නෑ දන්නේ
කොතැනද නවතින්නේ - කවුදෝ දන්නේ...//

දවසක් දා රෑ වසන්ත...

ගායනය : නීලා වික්‍රමසිංහ
පද රචනය : ගාමිණී විජේකෝන්


වීඩියෝව ගත්තෙ මෙතනින් - Nish Fernando

හඬන තරම් ඔබ හින්දා - නොයෙල් රාජ් | Hadana Tharam Oba Hinda - Noyel Raj - sinhala lyrics



හඬන තරම් ඔබ හින්දා - කවුරුවත් දන්නෙ නෑ..
යන්න ගියත් මා රිදවා - කිසිදා තරහක් නෑ..
නොලැබෙනවා සිත කීවත් - ආදරේ අඩුවක් නෑ..
හීනෙන්වත් ළඟට එන්න - මට අවසර නෑ..
මට අවසර නෑ...

හිත දන්නෙ නෑ ඔයා වෙන්වුනු බවක්..
අදහන්නෙ නෑ තවත් කෙනෙකුගෙ වගක්..
හිනැහෙන්න බෑ කදුළු ඉස්සර කරන්..
දුර යන්න බෑ මට නුඹගෙන් බිඳක්..//

සුවඳවත් නෑ තියා යන්නට ගිහින්..
මගේ වෙන්නෑ ආයෙත් කවදාකවත්..
හමුවෙන්න බෑ හිතුවත් පෙම්කළ සිතින්..
හැරයන්න බෑ මට නුඹ ගිය ලෙසින්..//

හඬන තරම් ඔබ හින්දා...

ගායනය : නොයෙල් රාජ්
පද රචනය : ඩිලංක ගයාන්
සංගීතය : රධීශ් වැන්දබෝනා


වීඩියෝව ගත්තෙ මෙතනින් - Samadhi Arunachaya


දේදුන්නෙන් එන සමනලුනේ - ලතා වල්පොල, සනත් නන්දසිරි | Dedunnen Ena Samanalune - Latha Walpola, Sanath Nandasiri - sinhala lyrics



දේදුන්නෙන් එන සමනලුනේ..
ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ..
රෑන් රෑන් ඇවිදිල්ලා..
අපේ ලඟින් ඉඳහල්ලා..
දේදුන්නෙන් එන සමනලුනේ...

දවසක් දා බෝ මළුවේ..
හමුවූ දා සැටි අපි දෙන්නා
පහනක් දල්වා එකම සිතින්
පැතූ පැතුම් තෙපි නෑ දන්නේ..

භවෙන් භවය පෙර ආවාසේ..
භවෙන් භවය මතු සංසාරේ..
නිවන් දක්නා ජාති දක්වා..
එකට බැඳී ඉන්නයි පැතුවේ..

දේදුන්නෙන් එන සමනලුනේ..

ආදරයේ සුවඳ ලෙනේ..
තනිවී උන්නා අපි දෙන්නා..
කාන්සියක් හෙම නෑ දැනුනේ..
පෙති දිලුණා වන මල් තොරණේ..

අප පය පාමුල සතුටු ගඟේ..
තාමත් ආදර රැලි හිනැහේ..
කියව් කුරුල්ලනි මලින් මලට හෙට
අපේ අහිංසක කතන්දරේ..

දේදුන්නෙන් එන සමනලුනේ..

ගායනය : ඇන්ජලීන් ගුණතිලක, සනත් නන්දසිරි
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය : සනත් නන්දසිරි

“වසන්තයේ දවසක් (1979) “ චිත්‍රපටයේ ගීතයක්


වීඩියෝව ගත්තෙ මෙතනින් - HumanFrailtz


අාරාධනා - ඩබ්ලිව්. ඩී. අමරදේව | Aaradhana - W. D. Amaradewa - sinhala lyrics

ආරාධනා.....ආ..රාධනා...

ජීවිතයේ තනි මංසල අතරමං වෙලා..
හුදෙකලාව සුසුම් හෙළන හදවත සනහා..
අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යළි වඩින්න..
ආරාධනා.....ආ..රාධනා...

නෙළු සුපෙම් කැටයම් හද පවුරුතලාවේ..
මැකී ගියාදෝ...කාලයේ වෙරළේ..
ජීවිතයේ දිගු ගමනේ අනාථ වූ දා..
සෙනේහයේ සත් පියුමන් යළිඳු පිපේවා..
ආරාධනා.....ආ..රාධනා...

එදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ..
ඔබේ උණුසුමේ...යළිදු උපන්නෙම්..
බිඳුණු එවන් රජ දහනින් සමුගෙන යනදා..
ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා..
ආරාධනා.....ආ..රාධනා...

ගායනය : ඩබ්ලිව්. ඩී. අමරදේව
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : රෝහණ වීරසිංහ

“ආරාධනා“ චිත්‍රපටයේ ගීතයක්



වීඩියෝව ගත්තෙ මෙතනින් - ruwantha wijethunga


අපි ඈතට ඈතට පා නඟලා - වික්ටර් රත්නායක | Api Ethata Ethata Pa Nagala - Victor Rathnayake - sinhala lyrics


අපි ඈතට ඈතට පා නඟලා
ඝණ වනන්තරේ..
අතර මං වෙමු
වසන්ත මල් ගොමුවේ..//

කාත් කවුරුවත් නෑ එන්නේ..
ඉදුල් නොවේ රුදු මිනිස් ඇසින්..
අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ..
බමරුන් විතරයි තනියට ලඟ ඉන්නේ..

අපි ඈතට ඈතට...

කෙසේද අත්බැඳ ඇවිදින්නේ..
වෙරළේ උයනේ තුරුළු වෙමින්..
නෑසිය මිතුරන් මඟතොට හමුවන්නේ..
උකුසු ඇසින් අප කෙලෙසද ගැලවෙන්නේ..

අපි ඈතට ඈතට...

ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : ආචාර්ය වික්ටර් රත්නායක


වීඩියෝව ගත්තෙ මෙතනින් - Dedunu Tennakoon


Related Posts Plugin for WordPress, Blogger...