අපි ඈතට ඈතට පා නඟලා - වික්ටර් රත්නායක | Api Ethata Ethata Pa Nagala - Victor Rathnayake - sinhala lyrics


අපි ඈතට ඈතට පා නඟලා
ඝණ වනන්තරේ..
අතර මං වෙමු
වසන්ත මල් ගොමුවේ..//

කාත් කවුරුවත් නෑ එන්නේ..
ඉදුල් නොවේ රුදු මිනිස් ඇසින්..
අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ..
බමරුන් විතරයි තනියට ලඟ ඉන්නේ..

අපි ඈතට ඈතට...

කෙසේද අත්බැඳ ඇවිදින්නේ..
වෙරළේ උයනේ තුරුළු වෙමින්..
නෑසිය මිතුරන් මඟතොට හමුවන්නේ..
උකුසු ඇසින් අප කෙලෙසද ගැලවෙන්නේ..

අපි ඈතට ඈතට...

ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය : ආචාර්ය වික්ටර් රත්නායක


වීඩියෝව ගත්තෙ මෙතනින් - Dedunu Tennakoon


Comments