සිකුරු තරුව රැයේ - එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනී පීරිස් | Sikuru Tharuwa Raye - Edward Jayakodi, Charitha Priyadarshani Peiris - sinhala lyrics


සිකුරු තරුව රැයේ..
සිකුරු තරුව රැයේ - අඳුර මකන අඟේ
හඳට අහස හිමිවන පෝදා..
ලොව හඳටම නතු වෙනවා
තරුවද අමතක වෙනවා..

අහස හිමි තුරු මුදුනේ මල් හිනැහෙනවා..
නොපැතු සැනේ පෙති ඉහිරී බිමට වැටෙනවා..
අහසට පිපිමල් සේ පොළවට පරමල් හිමිවේ..
පිපිමල් පරමල් වෙනවා - ඒ මල් දුක සඟවනවා..

සිකුරු තරුව රැයේ...

සඳළුතලේ සඳ විලසේ ඔබ හිනැහෙනවා..
දිලිඳු මගේ හද අරණේ එළිය නිමෙනවා..
ඔබනෙත් සඳ පහනේ සදළුතලේ සඳ සැඟවේ..
ඔබ යලි සඳවත වෙනවා - මිහිරිව ඔබ රිදවනවා..

සිකුරු තරුව රැයේ...


ගායනය : එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනී පීරිස්
පද රචනය : බන්දුල නානායක්කාරවසම්
සංගීතය : රෝහණ වීරසිංහ


වීඩියෝව ගත්තෙ මෙතනින් - Ruwan Rathnayake


Comments