පුර පෝය හඳට - සුනිල් එදිරිසිංහ | Pura Poya Hadata Pemin - Sunil Edirisinghe - sinhala lyrics


පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ළඳුන්..
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්..
නීල වළාවේ...
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්...//

මුතු මාල පොටක් ගෙලේ බදින දා..
සිත කොල සිතුම් එබී බලන දා..
රෑ නින්ද නැතිව හීන දුටුව දා..
හිත ආදරයක බැඳුනි ද මන්දා..

පුර පෝය හදට..

රන් තොරණ සැදී මඟ සරසණ දා..
හඳ රබන් සුරල් හඬින් වැයෙන දා..
නෑ හිත මිතුරන් හිනා පුරන දා..
හිත ආදරයක බැඳුනි ද මන්දා..

පුර පෝය හදට..

ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : සුනිල් ආර් ගමගේ
සංගීතය : එච්.එම්. ජයවර්ධන


 වීඩියෝව ගත්තෙ මෙතනින් - Ruchira Bandara

Comments

  1. සින්දුවෙ ම්යුසික් කරල තියෙන්නෙ සුනිල් එදිරිසිංහ මහත්මයාම තමයි

    ReplyDelete
    Replies
    1. මේ ගීතය ලියවුන කීප තැනකම සඳහන් වෙන්නෙ එච්.එම්. ජයවර්ධන මහතාගෙ නම.

      Delete
  2. me sinduwe theruma dann plwnd plz.

    ReplyDelete
    Replies
    1. යෝජිත විවාහයක අපූර්වත්වය තමයි ඔය කියන්නේ

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...