නෙතු පියන් වැසෙනා තුරා - මංජුල පුෂ්පකුමාර | Nethu Piyan Wasena Thura - Manjula Pushpakumara - sinhala lyrics


නෙතු පියන් වැසෙනා තුරා
එකට ඉමු යැයි කී ඔයා..
පෙම් දැහැන් බිඳ දුර ගියා
මගේ සිහිනය බොදවෙලා..
දෙතැන සිටියත් වෙන් වෙලා
මගේ සිත ඔබ ලඟ සදා..
ගියා දන්නවා නම් ඔයා
යලි සොයා එයි පියඹලා...

මවපු සිහින මතක ද අඳුරේ මට තුරුල් වෙලා..
කියපුවදන් ඇසෙනවා තාමත් රත්තරන් ඔයා..
සසර පුරා පතමින් ආවත් ඔබ මගේ වෙලා..
ඔබේ ආදරේ කඳුලක් වී මා ලඟ නතර වෙලා..

නෙතු පියන් වැසෙනා තුරා..

හදින් හදට යාවී උන්නේ හුස්මටත් වඩා..
සුවඳ ඔබෙ දැනෙනවා තාමත් වෙලී මා වටා..
අළුත් සඳක එලියක් දුටුවත් ඔබ මුලාවෙලා..
අදුරු අහසෙ සඳ ඔබයි මාගේ මේ ජීවිතේ පුරා..

ගායනය : මංජුල පුෂ්පකුමාර
පද රචනය : සුජිත් ප්‍රියාන්
සංගීතය : චන්දන වල්පොල


වීඩියෝව ගත්තෙ මෙතනින් - Hiru TV

Comments