නෙළුම් විල මමයි - ශ්‍රීමතී තිලකරත්න | Nelum vila mamai - Shrimathi Thilakarathna - sinhala lyrics


නෙළුම් විල මමයි
ඔබ එය අවදි කල හිරුයි
යළිත් වෙන් නොවෙයි
තුන් ලොව ගෙවී යන තුරු //

සවන් පෙති සැලෙයි ඒ හඬ අසන රිසියෙනි
නිසංසල වෙයව් පෙම් ලොව හඬන වැසියෙනි //

නෙළුම් විල මමයි
ඔබ එය අවදි කල හිරුයි
යළිත් වෙන් නොවෙයි
තුන් ලොව ගෙවී යන තුරු

ඔබයි ඇඳුනු ජීවන රේඛාව මා අතේ
ඉතිං ඔබට භාර නේද මගෙ අනාගතේ //

නෙළුම් විල මමයි
ඔබ එය අවදි කල හිරුයි
යළිත් වෙන් නොවෙයි
තුන් ලොව ගෙවී යන තුරු


ගායනය - ශ්‍රීමතී තිලකරත්න
තනුව - වික්ටර් රත්නායක
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්




වීඩියෝව ගත්තෙ මෙතනින් - Indiketi Hewage Rohan Indika


Comments