ලස්සන නම් නෑ පෙනෙන්නේ - සනත් නන්දසිරි | Lassana Nam Na Penenne - Sanath Nandasiri - sinhala lyrics


ලස්සන නම් නෑ පෙනෙන්නේ..
ඉස්සර සුවඳයි දැනෙන්නේ..//
එදා සොඳුරු ප්‍රිය දසුන්..
මෙදා සිහිනයකි කසුන්..
මතක් වුනත් අමිල සතුටකී..

උකුල් තලා සලා නාරිලතාවෝ..
අමල් සිනා නැගූ රන් චාරුලතාවෝ..//
වැයූ වගේ හවුල් වී - ගැයූ රගේ කොවුල්
ගියේ ඔවුන් ලඳුන් කොහේදෝ..

ලස්සන නම් නෑ..

සවන් පුරා පිරීලා වස්දඬු රාවේ..
සුසුම් හෙලයි සිතාරේ නෙත් යුග නෑවේ..//
සිතූ සිතුම් සිඳීලා - පැතූ පැතුම් බිඳීලා..
ජීවිතේ ගමන් විලාසේ..

ලස්සන නම් නෑ..

ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීතය : මහාචාර්ය සනත් නන්දසිරි


වීඩියෝව ගත්තෙ මෙතනින් - Nish Fernando


Comments