එනකල් බලන් වෙනදා වගේ - සේනානායක වෙරලියද්ද | Enakal Balan Wenada Wage - Senanayaka Weraliyadda - sinhala lyrics


එනකල් බලන් වෙනදා වගේ..
මා ඉන්න බැව් තනිවී ලොවේ..
ඔබ දන්නෙ නෑ කියා... මම දන්නවා..
මගෙ හුස්මටත් වඩා මට වටිනවා ඔයා
කෙරුවේම නෑ වැරදි කිසිදා..
රැකගත්තේ මා ඔබෙයි සිතා..
බොරු වැරදි කෝටියක් මවා..
සමුගත්තේ මා නොවෙයි ඔයා..

සඳට උපමා රැඳුණ පෙරදා..
අපි අපිට නැතිව බෑම යාමේ..
ලඟක ඉඳලා හිතට දැනෙනා..
ඔබෙ වෙනස තේරුනත් මට බෝ සේ..
මගෙ ජීවිතේ ඔබයි කියා..
ඔබ දන්නවාද දන්නේ නෑ..

නෙතට ගැටෙනා සැවොම පරදා..
මම ඔබට ආදරෙයි පෙරවාගේ..
ලොවම කියනා වචන නො අසා..
සතුටින්ම ඉන්න ඔබ හැම ආත්මයේ..
මොන දේ කලත් හිතා මතා..
මට ඔබව නොලැබ ඉන්න බෑ..

එනකල් බලන් වෙනදා වගේ..
මා ඉන්න බැව් තනිවී ලොවේ..
ඔබ දන්නෙ නෑ කියා... මම දන්නවා..
මගෙ හුස්මටත් වඩා මට වටිනවා ඔයා
කෙරුවේම නෑ වැරදි කිසිදා..
රැකගත්තේ මා ඔබෙයි සිතා..
බොරු වැරදි කෝටියක් මවා..
සමුගත්තේ මා නොවෙයි ඔයා..

ගායනය : සේනානායක වෙරලියද්ද
පද රචනය : සජිත් වී. චතුරංග
සංගීතය : කේෂාන් පෙරේරා



වීඩියෝව ගත්තෙ මෙතනින් - Hiru TV

Comments

  1. සඳට උපමා රැදුන පෙරදා..
    අපි අපිට නැතිව බෑ ම යාමේ ..
    ළඟක ඉදලා හිතට දැනෙනා..
    ඔබෙ වෙනස තේරුනත් - මට බෝ ..සේ..
    මගෙ ජීවිතේ ඔබයි කියා..
    ඔබ දන්නවාද දන්නේ නෑ....

    ReplyDelete
  2. ලඟට ඉදලා => ළඟක ඉදලා

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...