සන්තාප මාවතේ - සුනිල් එදිරිසිංහ | Santhapa Mawathe - Sunil Edirisinghe - sinhala lyrics


සන්තාප මාවතේ..
සංවේදනා මැඳුරේ..
සංවේගයෙන් දන්වා සිටිම්..
වෙන්වීම මා ඇගෙන්..//

තරුවක් ලෙසින් වැලපී හඬා රැයේ..
දැරියක් හිදී තනිවී දෙමංතලේ..
නොසැලී රැඳී කඳුලක් ඇගේ නෙතේ..
හඬගා කියයි නටඹුන් අතීතයේ..

සන්තාප මාවතේ...

හසරැල් මැකී පිපි මල් මුවේ ඇගේ..
සිහිලැල් සිඳී හද විල් තලේ මගේ..
සඳ තාරකා අඳුරේ ගිලී ගියේ..
ඇය මා සෙවූ සෙනෙහේ නිමාව සේ..

සන්තාප මාවතේ... //

ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රි
සංගීතය : රෝහණ වීරසිංහ


වීඩියෝව ගත්තෙ මෙතනින් - manel08uk


Comments

  1. මගේ කැමතිම ගීයක් ...ස්තුතියි

    ReplyDelete
    Replies
    1. උඹ සිංදු වල තේරුම එහෙමත් හොයන එකෙක්ද?

      සංවේගයෙන් දන්වාසිටීම් වෙන්වීම මා ඇගෙන් !
      මේ මියැසියේ රස කතා බ්ලොග් එකේ ගිය විචාරයක්. මගේ අදහසත් එතන දාලා තියනවා.

      Delete
    2. තැන්ක්ස් තිසර .....බුදුහාමුදුරුවෝ බුද්ධාගමේද කියල ඇහුවා වාගේනේ මචෝ .
      කැමැතියි එකෙන්ම ..

      Delete
    3. @තිසර : පට්ටයි අහ්..අමුතුම අයිඩියා එකක්...විචාර වැඩේට බොක්කෙන්ම ආස කෙනෙක් මමත්...!
      තවත් විචාර එහෙම තියනවනම් දාමු..!

      Delete
  2. මේ සින්දුවේ තේරුම මොකක්ද???

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...