සඳට මුවා වී තනිවෙන්න එපා - ලලිත් පොන්නප්පෙරුම | Sandata muwa wee thani wenna epa - Lalith Ponnamperuma - sinhala lyrics


සඳට මුවා වී තනිවෙන්න එපා
හිරැට මුවා වී සැඟවෙන්න එපා
කඳුළුවලින් මා නෙත් තෙමනු එපා
ලොවට බියෙන් මා හැර යන්න එපා

ඔබව පැතුවෙ මා එක හිතින් බිය නොවී
කිමද අද මෙසේ ඔබ බොහෝ දුරක වී //

සඳට මුවා වී තනිවෙන්න එපා
හිරැට මුවා වී සැඟවෙන්න එපා
කඳුළුවලින් මා නෙත් තෙමනු එපා
ලොවට බියෙන් මා හැර යන්න එපා

පැතුම් මල් පිපී මද පවනෙ සැලෙන්නේ
එවන් ලොවක ඇයි මා තනි කරලන්නේ //

සඳට මුවා වී තනිවෙන්න එපා
හිරැට මුවා වී සැඟවෙන්න එපා
කඳුළුවලින් මා නෙත් තෙමනු එපා
ලොවට බියෙන් මා හැර යන්න එපා

ලොවට බියෙන් මා හැර යන්න එපා ///



ගායනය - ලලිත් පොන්නනම්පෙරුම
තනුව - ජයන්ත ගමගේ
ගී පද - ජයන්ත ගමගේ




වීඩියෝව ගත්තෙ මෙතනින් - Kanchana De Seram

Comments

  1. මං අද තමයි මුලින්ම ඔයාගේ ගී පැදුරේ ඉඳ ගත්තේ. මුලින්ම කියන්න ඕනි මේක ඉතාමත් විශිෂ්ඨ වැඩක්. මං දන්නව ලේසි නෑ. හැබැයි හුඟාක්ම වටින නිසා දිගටම ලියන්න.

    පුංචි ඉල්ලීමක් තියෙනව කරන්න පුළුවන්නම්. මං දන්න ඉතාමත් ප්‍රශස්ථ මට්ටමේ ගායන විශාරද වරයෙක් ඉන්නව කොළඹින් ඉතාම දුර බැහැර විශාරද සරත් පීරිස් කියල.. ඉතාම ලගන්නා සින්දු කිහිපයක් කරල තියෙනව. හැබැයි ජනප්‍රියත්වය පස්සෙ යන්නෙ නැති නිසාත් මුදල් පස්සෙ යන්නෙ නැති නිසාත් ලොකු ප්‍රචාරයක් ගන්න බෑ. මෙතන තියෙනව සරත්ගෙ සින්දු කිහිපයක්.. අහල බලන්න වෙලාව තියෙන විදියට.. ඒ වගේම ඔයාගේ ගී පැදුරටත් එකක් දෙකක් එකතු කරන්න පුළුවන්නම් ලොකු දෙයක්. විශේෂයෙන්ම තව තියෙනව 'කලාවවේ ඉස්මත්තෙන් හඳ පායන ලීලා' කියල ගීතයක්.. ඉතාමත් ලස්සනයි.. ස්තූතියි..ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ පැදුරට ගොඩ වැදිල අදහසක් එකතු කරපු එකට...අපිත් කැමති විශිෂ්ඨ නෑසෙන ගී රස අපේ රසිකයින්ට බෙදල දෙන්න...පුළුවන් විදියට උත්සහ කරන්නම්...

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...