නොනිදා ඉන්න එපා දේවී - ජානක වික්‍රමසිංහ | Nonida Inna Epa Devi - Janaka Wickramasinghe - sinhala lyrics


නොනිදා ඉන්න එපා දේවී..
මට එන්න වේද දේවී..
මමත් නොවේ දෙවිත්
නොවේ කවුරු නම් දනීවී..
නොනිදා ඉන්න එපා දේවී..

හිස මුදුනේ හිරු ගිනිගෙන..
කළු යකඩ පවා වැගිරෙන..
උණුසුමෙන් උණු නොවී..
සෙල් මුවා හදවතට දුක් ගිනි දැනෙන්නේ නැතී..
නෙතු විලේ සොරොව් දොර බිඳ ලන කඳුළු පල නැතී..

නොනිදා ඉන්න එපා..

හිරු සඳු සේ දරු රැක ගෙන..
පැණි රස සේ දුක් විඳ ගෙන..
හිනැහියන් පෙම්බරී..
හිස ගසා කළු ගලේ පිටවී එන්නටත් බැරී..
කටු ඇනී රිදුම් දෙන හදවත සමඟ නවතිමී..

නොනිදා ඉන්න එපා..

ගායනය : ජානක වික්‍රමසිංහ
පද රචනය : වෛද්‍ය යසනාත් ධම්මික බණ්ඩාර
සංගීතය : රෝහණ වීරසිංහ


වීඩියෝව ගත්තෙ මෙතනින් - Yasanath Dhammika Bandara

Comments

  1. හමුදාවේ හිටපු කාලේ තමයි මුලින්ම ඇහුවේ. බොක්කටම වැදිච්ච සිංදුවක්. ස්තූතියි නැවත මතකය අලුත් කලාට..

    // සෙල් මුවා හදවතට දුක් ගිනි දැනෙන්නේ නැතී..
    නෙතු විලේ සොරොව් දොර බිඳ ලන කඳුළු පල නැතී..
    හිස ගසා කළු ගලේ පිටවී එන්නටත් බැරී..
    කටු ඇනී රිදුම් දෙන හදවත සමඟ නවතිමී..// :D

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...