අකීකරු හිමියනේ - මාලනී බුලත්සිංහල | Akeekaru himiyane - Malani Bulathsinhala - sinhala lyrics


අකීකරු හිමියනේ..
මවක් සේ රකිමි ඔබ...
අකීකරු හිමියනේ...

මධු මතින් ගත රැදුණු
නෙතු යුගල මට දෙන්න..
සෙහෙහසේ සිහිල් නිල්
දියෙන් පුරවාලන්න
අකීකරු හිමියනේ...

බඹර හිස සතපන්න
හද යහන සදන්නට
ප්‍රේමයේ නාමයෙන්
මදක් අවසර දෙන්න
අකීකරු හිමියනේ...

මධු විතින් නොනිමි දුක්
කුණාටුව මට දෙන්න
යලිදු හෙට උදෑසන
මලක් සේ පිබිදෙන්න
අකීකරු හිමියනේ...

මවක් සේ රකිමි ඔබ...
අකීකරු හිමියනේ...

ගායනය : මාලනී බුලත්සිංහල
පද රචනය : සමන් අතාවුදහෙට්ටි
සංගීතය : එච්. එම්. ජයවර්ධන


වීඩියෝව ගත්තෙ මෙතනින් - Indiketi Hewage Rohan Indika

Comments

  1. ස්තූතියි ඔබට..මේ ගීය නැවත මතකෙට ගෙනාවට..

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...