ආදරෙයි මං ඔය හිතට - අසංක ප්‍රියමන්ත පීරිස් | Adarei Man Oya Hithata - Asanka Priyamantha Peiris - sinhala lyrics


ආදරෙයි මං ඔය හිතට තාමත්..
සිහිනයටවත් ඔයා දැන් නාවත්..
වෙන්වෙලා අපි දුරින් ඉමු කීවත්..
මතක් වෙන්නේ ඔයාවයි තාමත්...//

ආදරෙන් කීව මට ගෙනත් දුන්න
ඇස්දෙකෙන් කදුළු දීලා..
හිත පුරා රැන්ද ආදරෙත් රැගෙන
ඔබ ගියා නේද වෙන්වෙලා..
ඔබ දුන්න දුක වැඩිවෙලා..
දෑස හඬයි තනිවීලා..

ආදරෙයි මං....

වේදනාවෙන්ම මියැදුනත් දිනෙක
මතකයෙන් යන්නෙ නෑ ඔයා..
නෙතු තෙමා ගලන කදුළු බිංදුවල
දුක දන්නෙ නැත්තෙ ඇයි ඔයා..
ඔබ ලඟින් නැති හින්දා..
දෑස හඩයි තනිවීලා..

ආදරෙයි මං....

ගායනය : අසංක ප්‍රියමන්ත පීරිස්
පද රචනය : ආරාධනා ඒකනායක
සංගීතය : මල්ක මල්ලව


වීඩියෝව ගත්තෙ මෙතනින් - lankavideo zone

Comments