පෙමාතුර හැඟුම් - සනත් නන්දසිරි | Pemathura Hangum - Sanath Nandasiri - sinhala lyrics


පෙමාතුර හැඟුම් - ඇගේ නෙත් කැළුම්
හද සංතානේ සදා සරණා අයාචනා සුසුම්..
නුරාගික පැතුම් - පිපාසිත සිතුම්
මන මන්දිරේ කලාලය මත මී අමා බඳුන්..

නියාළුව හදින් - පියා නෙතුපියන්..
යොමා යුග සවන් තනිවෙමි ඇගේ ගී නදින්..
මුදා නිදි දැහැන් - එබී ලෙන් දොරින්..
අරාජික පරාදීසය සොයා එමි සිතින්..

පෙමාතුර හැඟුම්...

අරා සිරි යහන් - නිදා වැතිරෙමින්..
සරා සළෙල සිතිවිලි ගඟ ගිලී නැහැවෙමින්..
සුරා මල් පැණින් - පොඟා යුග ලවන්..
පිනා පසිඳුරන් සතපමි සොඳුරු සිහිනයෙන්..

පෙමාතුර හැඟුම්...

ගායනය : සනත් නන්දසිරි
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය : සනත් නන්දසිරි



වීඩියෝව ගත්තෙ මෙතනින් - Periwinklelk(ApArnA)

Comments

  1. සුපිරි සිංදුවක්.. ස්තූතියි අප්ඩේට් කරාට.. පොඩි වැරදි දෙක තුනක් තියෙනවා පද වල.. 3 වෙනි පදය නුරාගික පැතුම් විය යුතුයි.. 5 වෙනි පදය පටන් ගන්නේ නියාළුව හදින් කියල.. එතකොට දෙවෙනි කොටසෙ දෙවෙනි පේලිය සරා සලෙළ සිතිවිලි ගඟ ලෙස හා අවසන් පේලිය පිනා පසිඳුරන් ලෙස වෙනස් විය යුතුයි.. හැකිනම් නැවත වරක් විමසා බලා නිවැරදි කරන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් හරේ! සුමිත් මහත්තය හරියටම හරි. මාත් ඉස්තීර කරනව

      Delete
    2. දෙන්නටම ස්තූති වේවා... ඔන්න හැදුවා :-)

      Delete
  2. තේරුම ගැන කතා කරන්න නියම ගීයක්... පුදුම සුන්දර වචන හරඹයක්.... රැප් ගායනයටත් නෑකම් කියනවා කියලා හිතෙනවා :)

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...