කිරුළ මුතු ලිහී - ජානක වික්‍රමසිංහ | Kirula muthu lihi sara sara handin - Janaka Wickramasinghe - sinhala lyrcs


කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා
සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා
නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
තන තන තාන තම් දෙනා
තන තන තාන තම් දෙනා

දිලිසෙනා සේම කරලිය දිලෙන්නේ නැති
වන්නමක් සේම සුමිහිරි තානමක් නැති
සකියණි ගිරෙන් ගිරට පැන යන්නට
ජීවිතෙන් බැරි
සකියණි ගිරෙන් ගිරට පැන යන්නට
ජීවිතෙන් බැරි

කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා
සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා
නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
තන තන තාන තම් දෙනා
තන තන තාන තම් දෙනා

රඟ බිමෙන් බහින විට ගෙයි සන්තකව ඇති
නළල් පට මාල හත් පට සින්න වී ඇති
සකියණි රිදී කාසි සොලවන්නට
බෙර පදය මදි
සකියණි රිදී කාසි සොලවන්නට
බෙර පදය මදි

කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා
සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා
නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
තන තන තාන තම් දෙනා
තන තන තාන තම් දෙනා


ගායනය - ජානක වික්‍රමසිංහ
සංගීතය - එච්.එම්.ජයවර්ධන
පද - රත්න ශ්‍රී විජේසිංහ




වීඩියෝව ගත්තෙ මෙතනින් - Pavithra Somadasa

Comments

  1. ජ යන්නෙන් එන ගායකයෝ අස්සේ ජාලිය රණතුන්ග දැක්කේ නෑ හැබැයි.
    //රන් යායේ රිදී නිම්නේ ඇගේ රුව පාවෙන්නේ
    ඒ දෑසේ රිදී රේඛා මා නෙත යාවෙන්නේ//
    තමයි ජාලියගේ ෆේමස්ම ගීතය.

    නිරන්ජලා සරෝජනී එක්ක ගායනා කරන
    //සඳුදා උදේ දුර එද්දි මා වැට ගාව ඔබ ඉන්නවා
    රහසින් බලා නොකියා කියූ ඔය රහස මම දන්නවා //
    ගීතය මගේ ප්‍රියතම ගීයක්

    ReplyDelete
  2. දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...