හොඳ සිරියාවයි ආකාසේ - එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක | Honda siriyawai akase - HR Jothipala, Anjaleen Goonathilaka - sinhala lyrics


හොඳ සිරියාවයි ආකාසේ
වාසනාවට ආදරේ //

අපෙ ආදරේ... ආදරේ... අපෙ ආදරේ... //


පෙම් සුව විඳිනු වගේ
ප්‍රීතියක් ඇත්තෙ නෑ
මයි ඩාලිං මාගෙයි දැන්
මෝරලා එයි සෙනේ //


රැල්ලයි වෙරළයි වාගෙනේ
ඈත්ව යන්නේ නෑ සෙනේ

අපෙ ආදරේ... ආදරේ... අපෙ ආදරේ... //

දෑතට දෑත තියන්
සිටින් මෙසේ ළංවෙලා
මට සුවදේ ඔබ ළඟනේ
දෙන්නකෝ පෙම් රසේ //

රැල්ලයි වෙරළයි වාගෙනේ
ඈත්ව යන්නේ නෑ සෙනේ

අපෙ ආදරේ... ආදරේ... අපෙ ආදරේ... ///


ගායනය - එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
ගී පද - සිරිල් ඒ. සීලවිමල
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
ෆ්ලොරිඩා ජයලත්ගේ ‘ස්වීප් ටිකට්‘ චිත්‍රපටියෙන්


මුල් ගීතය මෙතනින්

Comments

  1. http://sarigama.lk/profile/song_profile/4651/honda-siriyaawai-h-r-jothipala-mp3-song-download-online-listen

    මේකේ තියෙන සිංදුව මීට වඩා සෑහෙන්න වෙනස්

    හොඳ සිරියාවයි ආකාසේ
    වාසනාවට ආදරේ
    සඳ තරු පායයි ආකාසේ
    වාසනාවට ආදරේ

    පෙම් සුව විඳිනු වගේ
    ප්‍රීතියක් ඇත්තෙ නෑ
    මගෙ හද පෙම් රස උතුරන්
    මෝරලා එයි සෙනේ

    මින් මතු කිසිම දිනේ
    වේදනා දෙන්නේ නෑ
    දිවිහිමියෙන් ඔබ ලඟ මන්
    ඉන්නෙමී පා සෙනේ

    ReplyDelete
    Replies
    1. ඒ සංජීවනී වීරසිංහද කොහෙද... ඒකට කැමතිනං ඒකත් හොඳා!

      Delete
  2. සදපාන වගේ මුහුණ ඇගේ හරි සිරියාවයි
    කිරි මුහුද වගේ සිනා සපිරි මුව මදහාසයි
    පිපි මලක් වගේ ගුණ සුවදින් ඇය සරුසාරයි
    මගෙ අම්මට මං හැමදාමත් හරිම ආදරෙයි.. ගීතය හැකි නම් ලබා දෙන්න..

    ReplyDelete
    Replies
    1. ගීතය සොයාගැනීමට නොහැකිවුනා...ලැබුනු විගස එකතු කරන්නම්..

      Delete
    2. මටත් .. ඕනෙ ..

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...