දුක තද කරන් - සේනානායක වේරලියද්ද ‍| Duka thada karan - Senanayaka Weraliyadda - sinhala lyrics


දුක තද කරන් මහමෙර තරම්
මට ඉන්න බෑ ඔබ නැතිව නම්
අපි හමු වුනත් ඉඳහිට යළිත්
එක් වෙන්න බෑ කවදාකවත්
නිතර වැටෙනා කඳුළට ඉතින්
කතා කරගන්න පුලුවන් නම්
කියයි හඬගා ලොවට මතු දා
ඔබට මම ආදරේ කියලා

දුක තද කරන් මහමෙර තරම්
මට ඉන්න බෑ ඔබ නැතිව නම්

විටෙක ළං වෙලා විටෙක වෙන් වෙලා
ගෙවෙන අපේ ආදරේ
කෙළවරක් සොයා තවම තැවෙනවා
මැරී මැරී ජීවිතේ
කොහොම පිළිගන්නේ මම නම්
ඔබේ දෑත අහිමියි කියා

දුක තද කරන් මහමෙර තරම්
මට ඉන්න බෑ ඔබ නැතිව නම්

නොනිද රෑ පුරා දෙතැනකට වෙලා
හිමි අපේ ඉරණමේ
දැනෙන වේදනා වචනයෙන් කියාගන්න
බෑ පණ මගේ
නොදක හිනැහෙන්නේ කොහොමැයි
කියා දෙන්න ඇවිදින් සොයා

දුක තද කරන් මහමෙර තරම්
මට ඉන්න බෑ ඔබ නැතිව නම්
අපි හමු වුනත් ඉඳහිට යළිත්
එක් වෙන්න බෑ කවදාකවත්
නිතර වැටෙනා කඳුළට ඉතින්
කතා කරගන්න පුලුවන් නම්
කියයි හඬගා ලොවට මතු දා
ඔබට මම ආදරේ කියලා

දුක තද කරන් මහමෙර තරම්
මට ඉන්න බෑ ඔබ නැතිව නම්

ගායනය - සේනානායක වේරලියද්ද
සංගීතය - කේෂාන් පෙරේරා
ගී පද - සජිත් වී. චතුරංග




වීඩියෝව ගත්තෙ මෙතනින් - ElaIdea

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...