චන්ද්‍ර කින්නර ජාතකේ - කරුණාරත්න දිවුල්ගනේ | Chandra kinnara jathake - Karunarathna Divulgane - sinhala lyrics


චන්ද්‍ර කින්නර ජාතකේ කිඳුරිය ලෙසින්
නුඹ පෙම් බැඳන් මට ළං වුණා
පෙම් බැඳන් ආ කින්නරාවී
මගෙ ළඟින් හිඳ වෙන් වුණා

ගෙට එන්න පෙර කළ කී කතා
උඩුගම් බලා ගියෙදෝ මෙදා //
විස හී සරේ පපුවට හෙලා
නුඹ නාටකේ වෙනසක් කළා

චන්ද්‍ර කින්නර ජාතකේ කිඳුරිය ලෙසින්
නුඹ පෙම් බැඳන් මට ළං වුණා
පෙම් බැඳන් ආ කින්නරාවී
මගෙ ළඟින් හිඳ වෙන් වුණා

අත දරුවො ගෙන මහගිරි දඹේ
තනිවම නගින්නද පෙම් කළේ //
කළු කාසියට හදවත් වැසේ
නුඹ සොයනවද බරණැස් පුරේ

චන්ද්‍ර කින්නර ජාතකේ කිඳුරිය ලෙසින්
නුඹ පෙම් බැඳන් මට ළං වුණා
පෙම් බැඳන් ආ කින්නරාවී
මගෙ ළඟින් හිඳ වෙන් වුණා


ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
සංගීතය - රෝහණ වීරසිංහ
ගී පද - උබේනන්ද දිසානායක




වීඩියෝව ගත්තෙ මෙතනින් - Roshan Manjula

Comments

  1. Replies
    1. ගී පද උබේනන්ද දිසානායක මහතාගේ බවයි යසනාත් ධම්මික බණ්ඩාර මහතාගේ බ්ලොග් අඩවියේ සඳහන් වෙන්නේ...

      යසනාත් සිතුවිලි

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...