සැන්දෑ කළුවර ගලා හැලෙන විට - සනත් නන්දසිරි | Sandae kaluwara gala halena wita - Sanath Nandasiri - sinhala lyrics

සැන්දෑ කළුවර ගලා හැලෙන විට
සෙනෙහස දැල්වුණ නිවෙස සොයා එමි
ඔබේ සිනා සඳ මඬල මුවාවෙන්
ජීවිතයේ දුක් වෙහෙස නිවාගමි
සැන්දෑ කළුවර ගලා...

කුරුළු කැදැල්ලක උණුසුම කැටිවුණු
අමා සුවය දෙන අතු පැල හෙවණේ
අසරණ වූ දා මට ඔබ පමණයි
මඳකට හෝ සැනසුම ගෙන දෙන්නේ

සැන්දෑ කළුවර ගලා හැලෙන විට
සෙනෙහස දැල්වුණ නිවෙස සොයා එමි
සැන්දෑ කළුවර ගලා...

පිබිදෙන ලොව හා තරග කරන්නට
හෙට අළුයම යළි පිටවිය යුතුවේ
ඔබෙන් දුරුව වෙසෙනා හැම මොහොතෙම
ඔබේ හදට වැඩියෙම තව ළංවේ

සැන්දෑ කළුවර ගලා හැලෙන විට
සෙනෙහස දැල්වුණ නිවෙස සොයා එමි
ඔබේ සිනා සඳ මඬල මුවාවෙන්
ජීවිතයේ දුක් වෙහෙස නිවාගමි
සැන්දෑ කළුවර ගලා...


ගායනය, සංගීතය - සනත් නන්දසිරි
ගී පද - සුනිල් සරත් පෙරේරා




වීඩියෝව ගත්තෙ මෙතනින් - LankaMusicTube

No comments:

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...

Related Posts Plugin for WordPress, Blogger...