එන්න මද නලේ - රෝහණ සිරිවර්ධන / තිලකසිරි ප්‍රනාන්දු | Enna mada nale - Rohana Siriwardena / Thilakasiri Fernando - sinhala lyrics


එන්න මද නලේ
ගොස් පවසන්න දුක මගේ
යන්නට හැකි ඔබට පමණි
සිර ගෙයට ඇගේ
දිවා රැයේ වැලපිලා
දෑස ඈගේ රතුවෙලා

කියන්නකෝ මගෙ දුක ඇගෙ
කණට ළං වෙලා //

එන්න මද නලේ //


සෝක පණිවිඩය යවන්න ආදරිය බලා
කාලිදාස කිවිඳු මේඝදූතයක් කලා
මට කොයින්ද එම වලා
ආමි සුළඟෙ ඔබ බලා

කියන්නකෝ මගෙ දුක ඇගෙ
කණට ළං වෙලා //

එන්න මද නලේ //


සන්දේශයකින් යවන්න මෙදුක උන් අතේ
හංස ගිරා ලිහිණි කොවුල් ‍කුරුල්ලන් නැතේ
සුළඟේ මා අසරණයි
මට ඇති වස්තුව ඇයයි

කීවොත් මගෙ දුක සදහට
ඔබට මා ණයයි //

එන්න මද නලේ
ගොස් පවසන්න දුක මගේ
යන්නට හැකි ඔබට පමණි
සිර ගෙයට ඇගේ
දිවා රැයේ වැලපිලා
දෑස ඈගේ රතුවෙලා

කියන්නකෝ මගෙ දුක ඇගෙ
කණට ළං වෙලා //

එන්න මද නලේ //

ගායනය - රෝහණ සිරිවර්ධන
මුල් ගායනය - තිලකසිරි ප්‍රනාන්දු
සංගීතය - තිලකසිරි ප්‍රනාන්දු
ගී පද - කරුණාරත්න අබේසේකර


තිලකසිරි ප්‍රනාන්දු







වීඩියෝව ගත්තෙ මෙතනින් - sudasingha

Comments

  1. මෙහි මුල් ගායනය රෝහණ නොවේ. ඔහු තිලකසිරි වැනි නමක් තිබූ අයෙක්. මා හරියටම සොය කියන්නම්. ඒ වගේම මෙය ලියූවේ කරුණාරත්න අබේසේකරයන්. ඔහු තම ජීවිතයේ සැබෑ අත්දැකීමක් ඇසුරෙනි. එනම් එවක තම පෙම්වතියට ( පසුව බිරින්ද වූයේද ඇයමය ) ඔහු හමුවන්න නොදි දමා තිබු තහංචි නිසා හටගත් දුක ඇසුරෙන් කල නිර්මාණයකි.

    ReplyDelete
  2. සොයාගත්ත. මුල් ගායනය තිලකසිරි ප්‍රනාන්දු.

    ReplyDelete
    Replies
    1. මම මේ කියන්න හිතාගෙන ආවේ බ්ලොග් රෝලේ රෝහණ නම දැකලා .

      Delete
  3. ඔව් මේ ගීතයේ මුල් ගායනය තිලකසිරි ප්‍රනාන්දු ගායකයාගේ. ඔහු රන්මුතු දූව චිත්‍රපටයේ මන්තරකරුවෙකුගේ චරිතය රඟපෑවා.

    ReplyDelete
  4. ස්තූතියි.... මතක් කලාට...!

    ReplyDelete
  5. මේ නිවැරදි කිරීමට දායක වුණ හැමෝටම ස්තූති වේවා. වහාම මේක නිවැරදි කරන්න කටයුතු කරනවා.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...