ඇසිපිය සලන නිසා - අජිත් බණ්ඩාර | Asi piya salana nisa - Ajith Bandara - sinhala lyrics


ඇසිපිය සලන නිසා
දැනගත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා
කඳුළැලි වැටෙන නිසා
දැනගත්තා ඔබ හිත් ආකාසය වගෙයි කියා
මගෙ ලොව දිළිඳු නිසා
විඳගත්තා හැම රන් යහනා සිහිනයක් කියා

ඒ වුණාට ඔබ ඇසිපිය සලමින්
සැඟවුණ මගේ ආදරයෙන් ඇසිපිය සැලුවා
ඒ වගේම ඔබ කඳුළැලි සලමින්
නොහැඬූ මගේ යුග දෑසත් බොඳ කර දැමුවා

දැනගත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා
විඳගත්තා හැම රන් යහනා සිහිනයක් කියා

ආදරේට ලොව සීමා නොහැ‍‍ඟෙයි
පොළොවේ සිටි මා ඔබ අහසේ රැගෙන ගියා
ඒ වගේම ඔබ අහසත් ‍පොළොවත්
මේ හැටි දුර බව මා හට හඳුණා දුන්නා

දැනගත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා
විඳගත්තා හැම රන් යහනා සිහිනයක් කියා

ඇසිපිය සලන නිසා
දැනගත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා
කඳුළැලි වැටෙන නිසා
දැනගත්තා ඔබ හිත් ආකාසය වගෙයි කියා
මගෙ ලොව දිළිඳු නිසා
විඳගත්තා හැම රන් යහනා සිහිනයක් කියා


ගායනය - අජිත් බණ්ඩාර
තනුව -  මහින්ද බණ්ඩාර
පද - බන්දුල නානායක්කාරවසම්




වීඩියෝව ගත්තෙ මෙතනින් - madhushankarox

Comments

  1. සඳ උතුරා ගංගාවේ සින්දුවෙ original music එක නැද්ද... ඔක්කොම තියෙන්නෙ ඩ්‍රම් බීට් එකක් දාල හයියෙට් එකකින් චිර්..චිස්..චිර්..චිස් සද්දෙයි add කරපු එකනෙ. ඒ කෙන් ඒ සින්දුවෙ feeling එක මරනව...හරියට නිකං හවස ගඟේ කැඩිච්චි හම්පඩ මෝටර් බෝට්‍ටුවකිං යනව වගේ. මුං හිතං ඉන්නෙ සින්දුවට ඩුම්..ඩුම්.. ඩ්‍රම් බීට් එකකුයි හචිස්...හචිස්.... හයියෙට් සද්දෙයි... දුනක නකට දුනක නකට ඩිෂ්ට ඩිඩිෂ් කියල ඔක්ටපෑඩ් එකයි add කොලාම පට්ටයි කියල. සිංඳු කාබාසිනියා කරන ගොං හැත්ත. ඒව අහනකොට මුංව මරං කන්න හිතෙන්නෙ. යකො you tube එකේ ඔක්කොම තියෙන්නෙ ඒවනෙ. නිකං ආසාවට අහන්න දැං original සිංඳු නෑනෙ.. අනාගතේට අබ සරනයි..

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙතන තියෙනවා

      https://www.youtube.com/watch?v=TFRoB91pE2k

      Delete
  2. බොහොම ස්තූතියි.
    ඒත් මේකත් remake එකක්. ඩ්‍රම් බීට් පස්සෙ add කරල තියෙන්නෙ. මම අවුරුද්දකට විතර කලින් ඇහුව අවාසනාවකට මට කරල තියාගන්න බැරි උනා. ඒක මෙන්න මේ වගේ. ඒකෙ තාල තරංග තබ්ලයි ක්ලැපර්සුයි විතරයි.

    https://www.youtube.com/watch?v=_NH_sVL8DO8

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...