අඬන්නෙ ඇයි සුදු මැණිකේ - එච්. ආර්. ජෝතිපාල | Andanne ai sudu menike - HR Jothipala - sinhala lyrics


අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ
හෙළන්නෙ ඇයි කඳුළැලි ආදර නිල්මිණි දෑසේ
අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ

ඔයාව ජීවිතයේ මට හමුවුණු මුල් දවසේ
සිනාවේ දෑසේ අහිංසක ආදරයයි තිබුණේ
කියාපු මිහිරි කතා තවමත් ඇහෙනවා වාගේ
ප‍්‍රියාවි රැකගන්නම් හද බලකොටුවෙහි මාගේ
පරාද වෙන්න ඉඩක් නෑ අපි දෙන්නගේ පේ‍්‍රමේ
දිනන්නේ යන යන තැන ඔබ හින්දයි මා ලෝකේ

අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ

මැණිකේ සුවඳ මලයි පිපි බාධක කටු අකුලේ
සිටින්න දෝතින් ඒ මල නෙලනා තුරු මැණිකේ
දිලෙන්නේ එක තරුවයි සඳ වටකර පෙම් ලෝකේ
සඳ මැණිකෙයි මම තරුවයි පායන නිල් අහසේ

අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ
හෙළන්නෙ ඇයි කඳුළැලි ආදර නිල්මිණි දෑසේ
අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ //



ගායනය - එච්. ආර්. ජෝතිපාල
සංගීතය - මොහොමඩ් සාලි
ගී පද - ධර්මසිරි ගමගේ




වීඩියෝව ගත්තෙ මෙතනින් - LankaMP3

Comments

  1. ඔබේ අනගි බ්ලොගය නිතර බලමි. මේ දායකත්වය ඉතා අගෙයි. මෙවන් ගීමිණිවල පදරචකයා සහ සංගීත නිර්මාපකයා ද මේ සමගම පල කල හැකි නම් කෙතරම් වටිනවාද?

    ReplyDelete
    Replies
    1. හැකි හැම වෙලාවකම ඒ විස්තර දාන්නයි උත්සාහය. සමහර වෙලාවකට මගහැරෙනවා. ගොඩක් වෙලාවකට ඒ අමතර තොරතුරු හොයාගන්න විධියක් නෑ. ගී පැදුරේ රසිකයන්ගෙන් ලැබෙන උදව් අනුව ගොඩක් විට ඒ අඩුපාඩු හදාගන්නවා. ස්තූතියි ඔබේ අදහසට.

      මේ ගීතය ලියල තියෙන්නෙ ධර්මසිරි ගමගේ මහතායි.

      Delete
  2. මේ ගීතය, කොයිතරම් ඉහළින් අසන්නන්ගේ සිත පැහැර ගත්තාදැයි කිවහොත්, මෙහි මුල් ගායනය වන, මහේන්ද්‍ර කපූර් විසින්, 'කහින් දින කහින් රාත්' නමැති හින්දි චිත්‍රපටියට (1968) ගැයූ ගීය පවා, අමතකව යනවා. එතරම්ම ජෝතිගේ ගායනය ඉහලයි. මෙන්න මුල් ගීතය.

    http://www.youtube.com/watch?v=PgaVEMKC1FE

    ReplyDelete
    Replies
    1. මුල් ගීතය සම්බන්ධ කලාට බොහොම ස්තූතියි :-)

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...