ආත්ම ගණනක සිතුවිලි අතරේ - ශ්‍රීමතී තිලකරත්න | Aathma gananaka sithuwili athare - Shrimathi Thilakarathna - sinhala lyrics


ආත්ම ගණනක සිතුවිලි අතරේ
මා ඔබ සෙව්වා නැහැ දුටුවේ
අප දෙයතක දෙදෙනෙකු වීලා
නැහැ නොව කිසිදා මුසුවන්නේ //

සඳවත පායන රෑ කල අහසේ
කැළතේ කැළතේ සිත් යහනේ //
මහද ඇදෙන්නේ ඒ ඔබේ රෑපේද
පාළුව තනිකම පටලාලා

ආත්ම ගණනක සිතුවිලි අතරේ
මා ඔබ සෙව්වා නැහැ දුටුවේ
අප දෙයතක දෙදෙනෙකු වීලා
නැහැ නොව කිසිදා මුසුවන්නේ

මිනිසත් භාවය මා නොලදී නම්
පියඹා එනවා සුවඳ දිගේ //
ඒ එන පාරේ විඩා නිවාලන
සීතල පවනද ඔබෙ ප්‍රේමේ

ආත්ම ගණනක සිතුවිලි අතරේ
මා ඔබ සෙව්වා නැහැ දුටුවේ
අප දෙයතක දෙදෙනෙකු වීලා
නැහැ නොව කිසිදා මුසුවන්නේ //


ගායනය - ශ්‍රීමතී තිලකරත්න
සංගීතය - සරත් බාලසුරිය
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්




වීඩියෝව ගත්තෙ මෙතනින් - Indiketi Hewage Rohan Indika

Comments

  1. සංගීතය -සරත් බාලසුරිය ලෙස නිවැරදි විය යුතුයි ...

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...