වන්නි වන පෙතේ - සුනිල් එදිරිසිංහ | Wanni Wana Pethe (Piyawarun) - Sunil Edirisinghe


වන්නි වන පෙතේ..
ගම් දනව් පුරා නිවහන වංක ගිරි වනේ..
වෙසතුරු සදිසි පියවරුන්..
අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්..

කන්ට බෑ කියා - තනියම එන්ට යයි කියා
ගමටම බත් බුලත් - නිතර දන් දුන් පියවරුන් වෙතින්..
ජාත වී ඇතත් - පූරුවෙ කරන ලද පවක් පලදී
බින්න බැස හිදී නගරය අසල දූ පුතුන්..

වන්නි වන පෙතේ...

කල්ප කාලයක් - පරපුර දුන්නු දන් ඇතත් සිත තුල
මාසෙකට වරක් ලැබෙනුයෙ - සොච්චමක් බැවින්
කන්ට ගත් ගමන් බත් පත - කවුරුවත් එතැයි බිය වැද
දොර ජනෙල් වසා තනියම - බුදිති බෝ දුකින්..

වන්නි වන පෙතේ...

ගායනය : සුනිල් එදිරිසිංහ
පද රචනය : බණ්ඩාර ඇහැලියගොඩ
සංගීතය : රෝහණ වීරසිංහ


වීඩියෝව ගත්තෙ මෙතනින් - 2-Rajitha jayamini Withanachchi

Comments

  1. එළ ආසම සිංදුවක්.. මේකට ජයන්ත චන්ද්‍රසිරි නියම විෂුවල් එකක් කලා... පුළුවන් නම් හොයලා බලන්න.

    ReplyDelete
  2. http://www.youtube.com/watch?v=ViYXbYmxO9c

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...