ඔරුවක පාවෙන - මිල්ටන් මල්ලවආරච්චි | Oruwaka Pawena - Milton Mallawaarachchi


ඔරුවක පාවෙන - රෑ ඝණ අඳුරේ..
තොටියෙකි මා මේ - සිතල වතුරේ
ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ...

පායා එන්න සඳේ මට දී ආලෝකේ
පාළු වෙලා මගේ ලෝකේ..ඕ ඇයි...
පාළු වෙලා මගේ ලෝකේ..
තෝරා දෙන්න වහා නැගෙනා මේ සෝකේ
පාළු වෙලා මගේ ලෝකේ..ඕ ඇයි
පාළු වෙලා මගේ ලෝකේ...

ඇති තනිය මකා දී - ඇගෙ ඇසුර ලබා දී
සනසන්න හිතේ දුක පහ කරලා...

ඔරුවක පාවෙන...

මාගේ වෙහෙස නිවා සතපා හිනැහෙන්නේ
කවුද කියා නැත දන්නේ..හෝ කොයි...
කවුද කියා නැත දන්නේ
ජීවේ අඩුව මකා පුරවා සනහන්නේ
කවුද කියා නැත දන්නේ..හෝ කොයි...
කවුද කියා නැත දන්නේ

බත රසට උයාලා - කොළ පතට බෙදාලා..
ගෙන එන්න කෙනෙක් දෙනු මැන සොයලා..

ඔරුවක පාවෙන...

ගායනය - මිල්ටන් මල්ලවආරච්චි
සංගීතය - මොහොමඩ් සාලි
ගී පද - කරුණාරත්න අබේසේකර


වීඩියෝව ගත්තෙ මෙතනින් - chankama gunasekara

Comments

  1. "ඇගෙ තනිය මකා දී" යන්න "ඇති තනිය මකා දී" ලෙස වෙනස් විය යුතුයි නේද

    ReplyDelete
    Replies
    1. පේන විධියට වර්ෂන් කීපයක් තියෙනව වගේ

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...