ඔබ දකින දකින දිනක මහද - එම්.එස්. ප්‍රනාන්දු | Oba dakina dakina dinaka mahada - MS Fernando


ඔබ දකින දකින දිනක මහද පොකුණු තලාවේ
කිරි පැහැති සුසුදු සුමුදු සිනිදු කුමුදු හිනාවේ //
කුමුදු හිනාවේ මේ පොකුණු තලාවේ
මේ කුමුදු හිනාවේ පොකුණු තලාවේ

මල් දහසක සුවඳින් සුවඳ වෙලා
කුංකුම පිණි දිය ගා නළලෙ උලා
රන්වන් කැළුම් නංවලා
මල් දහසක සුවඳින් සුවඳ වෙලා
කුංකුම පිණි දිය ගා නළලෙ උලා
බඳ වටලා සළු පටලා
බඳ වටලා සළු පටලා

ඔබ දකින දකින දිනක මහද පොකුණු තලාවේ
කිරි පැහැති සුසුදු සුමුදු සිනිදු කුමුදු හිනාවේ //
කුමුදු හිනාවේ මේ පොකුණු තලාවේ
මේ කුමුදු හිනාවේ පොකුණු තලාවේ

පෙති ගෝමර ඉසිලා ළය තුරුලේ
සඳ බැබලේ රැඳිලා වත මඩලේ
නිල් තරු දෑසෙ හැංගිලා
පෙති ගෝමර ඉසිලා ළය තුරුලේ
සඳ බැබලේ රැඳිලා වත මඩලේ
ඔබ නැති දා ලොව නැත මා
ඔබ නැති දා ලොව නැත මා

ඔබ දකින දකින දිනක මහද පොකුණු තලාවේ
කිරි පැහැති සුසුදු සුමුදු සිනිදු කුමුදු හිනාවේ //
කුමුදු හිනාවේ මේ පොකුණු තලාවේ
මේ කුමුදු හිනාවේ පොකුණු තලාවේ


ගායනය, සංගීතය, ගී පද - එම්.එස්. ප්‍රනාන්දු



වීඩියෝව ගත්තෙ මෙතනින් - shower

Comments

  1. dakshatawayata irisiya nokaranna

    ReplyDelete
  2. උඹට පුළුවන්ද බං මෙහෙම ලස්සට කවියක්වත් කියන්න...
    හිඟන්නෙක්නේ උඹ........

    ReplyDelete
  3. මේ කමෙන්ටුවට පිලිතුරක් දාන්න ප්‍රමාද වුණේ දවස් කීපයක් ලොග් වෙන්න බැරි වුණ නිසයි.

    අපි පුළුවන් හැම වෙලේම ඔරිජිනල් සින්දුව දාන්න බලනවා. යූ ටියුබ් වීඩියෝවක් නැත්නම් බාගන්න පුළුවන් තැනකට ලින්ක් එකක් දෙන්න උපරිම උත්සාහ කරනවා. ඒත් බැරිනම් වඩාත්ම හොඳ කවර් වර්ෂන් එකක්වත් දෙන්න බලනවා.

    මේ ගීතයේ ඔරිජිනල් එකක් යූටියුබ් එකේ නැහැ. තිබුණත් හොයාගන්න ලේසි වුණේ නැහැ. ඒකයි ධනුෂ්කගෙ වර්ෂන් එක දැම්මෙ. ඒක එම් එස් මහත්තයට පස්සෙ කියවුණ හොඳම එකක් කියන එකයි මගේ අදහස.

    මේ ගීතයේ මුල් පිටපත් විධියට අපි දීල තියෙන ලින්ක් එකත් ඔබ දීල තියෙන ලින්ක් එකත් දෙකම ඔරිජිනල් එම් එස් මහත්මයගෙ නෙවෙයි. ඒව වෝල්ටර් ප්‍රනාන්දු මහත්මයගෙ වර්ෂන්.

    මොනව වුණත් ඔබ අවශ්‍ය කෙනෙක්ට ගන්න ලින්ක් එකක් දීපු එකට ස්තූතියි :-)

    ReplyDelete
  4. mee katawa atta... original eka kohomat hondai..... habai dhanushkat hondata sing karanawa.....වෝල්ටර් ප්‍රනාන්දු, susil ප්‍රනාන්දු.....munnam kisi wadak naa!!!!

    ReplyDelete
  5. http://sarigama.lk/profile/song_profile/16520/Oba%20Dakina%20Dakina

    ReplyDelete
  6. ඔන්න මුල් ගීතයම දැම්මා... ආයෙ වෙන වර්ෂන් මොකටද?

    ReplyDelete
  7. ගොඩක් ස්තූතියි... හරිම කැමති ගීතයක්

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...