මේ ගඟ මේ දුරු කතර ගෙවා - නිරංජලා සරෝජිනී | Me Ganga Me Dura - Niranjala Sarojini


මේ ගඟ මේ දුරු කතර ගෙවා
ඇයි මෙතැනින් සයුරේ වැටුනේ..
මේ හැටි දුර පියමන් කරලා
ඇයි මම ඔබ ලඟ නතර වුනේ...

මේ විල මේ නිල් දියෙන් පෙනේ.. 
ඇයි මේ මල විල මත පිපුනේ..
මා හද විල පතුලෙන් මතුවේ..
ඇයි ඔබ ආදර මල පිපුනේ..//

මේ ගඟ මේ දුරු කතර ගෙවා...

මේ විස කටු ගස ලඟ ඉපදී..
ඇයි මේ මල් වැල එහි එතුනේ..
ගිලිහී යන්නට ඔබ සුරතේ..
ඇයි මගේ මේ අතැඟිලි බැදුනේ..

මේ ගඟ මේ දුරු කතර ගෙවා...

ගායනය : නිරංජලා සරෝජිනී පීරිස්
පද රචනය : ලූෂන් බුලත්සිංහල
සංගීතය : එච්. එම්. ජයවර්ධන


වීඩියෝව ගත්තෙ මෙතනින් - pereraasanka

No comments:

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...

Related Posts Plugin for WordPress, Blogger...