මල්ලියෙ නරක මිතුරන් - සුනිල් එදිරිසිංහ | Malliye Naraka Mithuran - Sunil Edirisinghe


මල්ලියෙ නරක මිතුරන් පිළිගන්ට එපා..
නංගියෙ නොහොබිනාකම් හුරුවෙන්ට එපා..
බෝගම්බර සිපිරි ගෙදරට එන්ට එපා..
හතුරෙකුටවත් මට වන් දුකවෙන්ට එපා..

දළදා මැදුරෙ තේවා හඩ රැව් දෙනවා..
කල පව් මතක්‌ වී දෑසම තෙත් වෙනවා..
සියක්‌ වාරයක්‌ මැරි මැරි උපදිනවා..
තිබහට වතුර වෙනුවට කදුලැලි බොනවා..

ලැබුවේ අවවාද නොහොබින ආරකය..
දුදනන් නිසා විය හෙනහුරු මාරකය..
මං පෙර ගියේ වරදින් පිරි පාරකය..
ඒ ගිය මගේ අවසානය පෝරකය..

ගායනය - සුනිල් එදිරිසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ
පද රචනය - සුනිල් ආරියරත්න


වීඩියෝව ගත්තෙ මෙතනින් - Kasshpa

Comments