කිරි දුන්නේ දරුවන්ටයි - නිහාල් නෙල්සන් | Kiri Dunne Daruwantai - Nihal Nelson


කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ..
පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ..
ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ..
එපා එපා මස් කන්නට කිරි අම්මාගේ...

අහිංසක තිරිසන් ගවයාටත් පණයි තියෙන්නේ..
එවන් සතෙකු අහෝ අකාලයේ කිමද මරන්නේ..
ටිකක් හිතල බලනු ඌ පිරිසිදු තණකොල කන්නේ..
නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි මළකුණු කන්නේ..

කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් ගවමස් උයලා..
බලනු තුන්සිය හැටපහ වැඩිකර තිස්පහ යොදලා..
ගණන දොලොස් දහස් හත්සිය හැත්තෑ පහක් වෙලා
ඔබට තේරුනාද ඔබ කල පව් දුර දිග නොබලා..

කිරි දුන්නේ...

මුදල් තන්හාවෙන් සමහරු ගවයා විකුණන්නේ..
අහිංසක සතකුගෙ ඉරණම ඉන්පසු විසදෙන්නේ..
යලිත් ඒ මුදලින් මස් ගෙනැවිත් රසකර කන්නේ..
තමන් විකුණූ ගවයගෙ මස් බව ඔහු නෑ දන්නේ..

ගිතෙල් මී කිරි එළකිරි පස්ගෝ රස සපයන්නේ..
ඉවතලන පොහොරින් මහ එළවළු කොටු සරුවන්නේ..
මෙවන් සතෙකුගෙ මස් නොකන අයට සෙත සැලසෙන්නේ..
එවන් පිරිසිදු හදවත් තුල දෙවියන් වැඩ ඉන්නේ..

කිරි දුන්නේ....

ගායනය : නිහාල් නෙල්සන්
සංගීතය : රංජිත් පෙරේරා
පද රචනය : සරත් මුණසිංහ



වීඩියෝව ගත්තෙ මෙතනින් - lal san

Comments

  1. maths වලින් පිං පව් මැනීම කියලා දහොයා ගත්තේ මේ mans තමා.පුදුමයි තුන් වේලට කියලා "දොලොස් දහස් හත්සිය හැත්තෑ පහ X 3" කියලත් කිව්වේ නැති එක.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...