හිස් ටින් එකක් - එච්.ආර්.‍ ජෝතිපාල, ජේ.ඒ. මිල්ටන් පෙරේරා, මොහිදීන් බෙග් | His tin ekak wagei ape me jeewithe malli - HR Jothipala, Milton Perera, Mohideen Baig



හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි //
කාටවත් බය නෑ අපි තිබුණත් නැතත් සල්ලි
ඕ... තිබුණත් නැතත් සල්ලි
අපි කයිවාරු නෑ මල්ලි

ඒ වුණත්

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි

අපේ පාටිය පිරිමි පාටියයි
අපි ඡන්දෙ දෙන්නේ වාසියටයි
කොයි කාගෙ ආණ්ඩුවත් අපට එකයි
අප‍ට ඕනෑ ප්‍රජාතත්ත්‍රවාදයයි

ඒ වුණත්

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි

නැති බැරි එකා තල්ලු වෙනවා
පුළුවන් මිනිහා හිනහා වෙනවා
වැටි වැටි වුණත් නැගිටිනවා
මගේ බලෙත් මං පෙන්නනවා

ඇත්ත නේන්නම්...

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි

කිසි වාසියක් නෑ හාං...
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි
හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි



ගායනය - එච්.ආර්.‍ ජෝතිපාල, ජේ.ඒ. මිල්ටන් පෙරේරා, මොහිදීන් බෙග්
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල
ගී පද - සිරිල් ඒ. සීලවිමල

දැන් මතකද චිත්‍රපටියෙන්




වීඩියෝව ගත්තෙ මෙතනින් - gaminilk

Comments

  1. පීචං සින්දුවක් මචන්

    ReplyDelete
  2. මාකට් නැති සිංදුවක් මාකට් කරලා තියෙන තරම්

    ReplyDelete
    Replies
    1. අර මුල්ම රියැලිටි එකේදි ප්‍රියාගෙ 'ඈත ගව් ගණන් දුරින්' එකටත් වුණේ මේකමයි නේ ;-)

      Delete
  3. kiyala wedak ne supirii

    ReplyDelete
  4. patta song ekakne!!!!

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...