දිනෙක රන්සළු පළදා - මිල්ටන් මල්ලවආරච්චි | Dineka Ransalu - Milton Mallawaarachchi


දිනෙක රන් සළු පළදා
සඳ නැගි මේලාවෙන්..
පැමිණ ඔබ ගෙන යමි කුමරියේ
පෙම් දෝලාවෙන්..//

ඇසුරු කල කම්පන හා සැනසිලි පස මිතුරු..
ගෙවුණු යෞවන විය තනි නොතනියේ උන් අයුරු..
නැවත නොලිහෙන ලෙස රැහැනින් බැඳලා පවුරු..
සතුට ගෙන දිය හැකි ඔබ හැර ඇතිදෝ කවුරු ...

දිනෙක රන් සළු පළදා...

වියළි මග මහ වැලි කාන්තාර පසු කරවා..
පවස සන්සිඳවන ලෙස දිය උල්පත් හරවා..
පරව ගිලිහෙනතුරු සියොළඟ කලු සළු පොරවා..
ඔබය දිය යුතු හිස්වන විට දිවි විත පුරවා..

දිනෙක රන් සළු පළදා...

ගායනය : මිල්ටන් මල්ලවආරච්චි
සංගීතය : වික්ටර් රත්නායක
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්


වීඩියෝව ගත්තේ මෙතැනින් - Premakeerthi Gee

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...