තියා අතීතය - ගුණදාස කපුගේ | Thiya Athithaya - Gunadasa Kapuge


තියා අතීතය මා ලඟ - පියාඹා ගියාව ද ඔබ
පුරවි කිරිල්ලී - පුරවි කිරිල්ලී..
හිනා අමතකව ගිය මට - හීනයක්ද තාමත් ඔබ
කියන්න දේවී - කියන්න දේවී..

කියා තෙපුල් ගී
ඔබ දුන් හාදු පමණි
ඉතිරි උණේ පැමිණි ඉසව්වේ
ඇවිලෙන සාංකාව විතරද මට
තනි මැකුවේ පාළු කැදැල්ලේ..

තියා අතීතය මා ලඟ...

හදේ ගැඹුරු ගැබ..
ඔබ උන් තැනින් නැගුණ
දුකට වඩා දුකක් නැහැ ලොවේ..
ඉකිලෙන වේදනාව විතරද මට
ඉතිරි උණේ මතක කොදෙව්වේ..

තියා අතීතය මා ලඟ...

ගායනය : විශාරද ගුණදාස කපුගේ
පද රචනය : නිලාර් එන්. කාසිම්


වීඩියෝව ගත්තෙ මෙතනින් - shanka madu

Comments

  1. පද රචනය : නිලාර් එන් කාසිම්
    මියුසික් කාගේද....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... :)
      සංගීතය තාම හොයාගන්න බැරි වුනා.. :(

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...