සුබ ප්‍රාර්ථනා කියමන් - ගුණදාස කපුගේ | Subha prarthana kiyaman - Gunadasa Kapuge


සුබ ප්‍රාර්ථනා කියමන්
මා වටකර සතර දෙසින්
ගිලිහෙන මුත් මුවට මුවින්
ඔබේ මුවින් නැති පැතුමන්
මට නැත අගනේ
සුබ ප්‍රාර්ථනා කියමන්
සුබ ප්‍රාර්ථනා කියමන්
සුබ ප්‍රාර්ථනා

මා ඈ කර මාල බඳින්නේ
ඔබේ නෙත් තරු සැලී දිලින්නේ
මා ඈ ගත සළු පළඳන්නේ
ඔබේ නෙත් අග කඳුළු පිරෙන්නේ
ගිගුම් හඬින් මගුල් සිලෝ
පෝරුව දෙදරයි

සුබ ප්‍රාර්ථනා කියමන්
සුබ ප්‍රාර්ථනා කියමන්
සුබ ප්‍රාර්ථනා

මධුසමයට මගට බහින්නේ
ඔබෙ නෙත් පෙර මග හමුවන්නේ
රහසින් බැඳි පෙම සිහිවන්නේ
අප මින් මතු නැත හමුවන්නේ
ඔබ අන්සතු ළඳක් කියා
ඇයි මට කීවේ

සුබ ප්‍රාර්ථනා කියමන්
සුබ ප්‍රාර්ථනා කියමන්
සුබ ප්‍රාර්ථනා


ගායනය, සංගීතය - ගුණදාස කපුගේ
පද - ලූෂන් බුලත්සිංහල





වීඩියෝව ගත්තෙ මෙතනින් - Ruchira Bandara

Comments

  1. mama asama lassana sinduwak

    ReplyDelete
  2. Replies
    1. ඒක තමයි. පුරුද්දනේ... ඔන්න හැදුවා.. ස්තූති වේවා!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. Subha saha suba wenasa kiyanna.nodanna nisa asami.

      Delete
    4. අදහසේ වෙනසක් නැහැ. කාලයත් එක්ක බ යනු දෙකම පාවිච්චි වෙලා තියෙනව ඇති. සින්දුවෙ නම් ඇහෙන්නෙ 'බ' :-)

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...