සිහින අසපුවේ ඔබ හා මා - චන්දන ලියනාරච්චි | Sihina asapuwe oba ha ma - Chandana Liyanarachchi - sinhala lyrics


සිහින අසපුවේ ඔබ හා මා
රැඳී සිටින්නම් තුරුලු වෙලා
එපා එපා වෙනතක දැවටෙන්නට
පියවි ලොවේ මා හමුවන්නම්
තරු රෑනේ තනි තරුවේ
ක්ෂිතිජ ඉමේ රැඳෙනු බැරී

රුවට මුලා වී සිතට වහල් වී
ඔබ පතනා ආදරය නොවේ
එලෙස කියන්නට ම සිත යෙදී
ඔබ හඳුනාගනු බැරිව නිති
පිවිතුරු සෙනෙහස මා දනිමි

සිහින අසපුවේ ඔබ හා මා
රැඳී සිටින්නම් තුරුලු වෙලා
එපා එපා වෙනතක දැවටෙන්නට
පියවි ලොවේ මා හමුවන්නම්
තරු රෑනේ තනි තරුවේ
ක්ෂිතිජ ඉමේ රැඳෙනු බැරී

සැම සිතුවිල්ලක ඔබ පැටලේ
නිමක් නොවේ හදවත රිද්මේ
සොඳුරු ලොවක හමුවන්න පෙරුම්
ගතින් සිතින් එක්වෙමුද ඉතින්
හඳුනාගමු පැහැදිලිව අපි

සිහින අසපුවේ ඔබ හා මා
රැඳී සිටින්නම් තුරුලු වෙලා
එපා එපා වෙනතක දැවටෙන්නට
පියවි ලොවේ මා හමුවන්නම්
තරු රෑනේ තනි තරුවේ
ක්ෂිතිජ ඉමේ රැඳෙනු බැරී

තරු රෑනේ තනි තරුවේ
ක්ෂිතිජ ඉමේ රැඳෙනු බැරී //



ගායනය - චන්දන ලියනාරච්චි
සංගීතය, ගී පද - නිහාල් ගම්හේවා




වීඩියෝව ගත්තෙ මෙතනින් - Amila Madhusanka

Comments