සාගර සයනේ පාවෙන සිහිනේ - ගයානී කෞෂල්‍යා | Sagara sayane pawena sihine - Gayani Kaushalya - sinhala lyrics


සාගර සයනේ පාවෙන සිහිනේ
හමුවෙමු සබඳේ හමුවෙමු සබඳේ හමුවෙමු සබඳේ
නිල් අවකාශේ ක්ෂිතිජය මානේ
ළංවෙමු නිබඳේ ළංවෙමු නිබඳේ ළංවෙමු නිබඳේ

සාගර සයනේ පාවෙන සිහිනේ
හමුවෙමු සබඳේ හමුවෙමු සබඳේ හමුවෙමු සබඳේ

මිහිකත වැලපේ අහසම අයදී
එනමුදු ළං වූ මොහොතක් නොමැතී
ඒ දුක වාවාගන්නට බැරි වී
අහස හැඬු දා ලොවටම දැනුනී
ඒ කඳුළට වැඩි මේ කඳුළයි මගේ
ඔබම පතා ඉන්නේ

සාගර සයනේ පාවෙන සිහිනේ
හමුවෙමු සබඳේ හමුවෙමු සබඳේ හමුවෙමු සබඳේ

රෑ සඳ පේවී හිනැහෙන වේලේ
තරු වැල ළං වී සෙනෙහස කීවේ
රෑ සඳ නම්මා ගන්නට බැරි වී
තරු සැඟවූ දා ලොවටම දැනුනේ
ඒ අඳුරට වැඩි හිත අඳුරුයි මගේ
ඔබම නිසා සුහදේ

සාගර සයනේ පාවෙන සිහිනේ
හමුවෙමු සබඳේ හමුවෙමු සබඳේ හමුවෙමු සබඳේ
නිල් අවකාශේ ක්ෂිතිජය මානේ
ළංවෙමු නිබඳේ ළංවෙමු නිබඳේ ළංවෙමු සබඳේ
ළංවෙමු සබඳේ ළංවෙමු නිබඳේ


ගායනය - ගයානී කෞෂල්‍යා
ගී පද - කැළුම් ශ්‍රීමාල්
හින්දි ගී තනුවක් ඇසුරිනි




ගීතය ඇසීම සඳහා රූප රාමුව - 18:17

වීඩියෝව ගත්තෙ මෙතනින් - LASANTHA GAMLATH

Comments

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...