පෙම් පිපාසේ නිවපු දෑසේ මා සතූ - ලහිරු ප්‍රහාත් | Pem pipase niwapu dase ma sathu - Lahiru Prabath - sinhala lyrics


පෙම් පිපාසේ නිවපු දෑසේ මා සතූ
සිහින දෑල බින්ද දෙබැම දේදුණු
පෙම් පිපාසේ නිවපු දෑස මා සතූ
සිහින දැහැන බින්ද දෙබැම දේදුණු
වසා ගනින් ළදේ නුරා පොරෝනයෙන්
තුහීන වැටෙන ප්‍රේමණීය සීතලේ
ඒ හැඟුම් බරින් ඔබ හා වෙලී
පායනා සඳේ දුමාරේ ගීලී
යමු ප්‍රේම සක්මනේ තුරුළු සුවයේ වෙලී
පෙම් පිපාසේ වින්ද දෑසේ මා සතූ

නිහඬතාවේ හද නදී තලාවේ
සලිත වී ඔබේ බැල්මෙ කැල්මෙන්
සුහදතාවේ යන සේ පිටාරේ
විඳීමී සුවේ ඔබගේ ගැල්මෙන්
මිහිරාවි මහදේ ගී ලිව්ව දෑසින්
ඉටුකලාට සියළු ප්‍රාර්ථනාවන්
ප්‍රේමයෙන් පුද දෙමී

ඒ හැඟුම් බරින් ඔබ හා වෙලී
පායනා සඳේ දුමාරේ ගීලී
යමු ප්‍රේම සක්මනේ තුරුළු සුවයේ වෙලී
පෙම් පිපාසේ වින්ද දෑසේ මා සතූ

ඔබ අතින් විසිරෙනා
මල් පවා හැසිරෙනා
ඔබේ අතින් විසිරෙනා
මල් පවා හැසිරෙනා
අමුතු තාලේ හිතාගන්න
බැරි ඇයි කියා
මටම නොදැනේ ළදේ

ඒ හැඟුම් බරින් ඔබ හා වෙලී
පායනා සඳේ දුමාරේ ගීලී
මේ ප්‍රේම සක්මනේ තුරුළු සුවයේ එතී


ගායනය - ලහිරු ප්‍රහාත්
ගී පද - කැළුම් ශ්‍රීමාල්
හින්දි ගී තනුවක් ඇසුරිනි




ගීතය ඇසීම සඳහා රූප රාමුව - 18:27

වීඩියෝව ගත්තෙ මෙතනින් - LASANTHA GAMLATH

Comments

  1. මේ පොඩි එකා පරණ සින්දු කියනවා හරිම ශෝක්.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...