පරම රමණී අපේ ආලේ - මොහිදීන් බෙග්, රුක්මණී දේවී | Parama ramani ape ale - Mohideen Baig, Rukmani Devi - sinhala lyrics


පරම රමණී අපේ ආලේ
සදාකල් සැපත වී මූලේ
සමාජේ රුදුරු කාන්තාරේ
කොහේ අපි යමුද නොම තේරේ //
පරම රමණී

කිමද වෙන්නේ අනේ නොදැනේ
මෙයින් මතුදා //
විදුලි හෙණ සැඩ සුළං නොමැති
තැනක ඒ මල් ගසක් මුදුනේ
තනාගමු ප්‍රේම කූඩු අපි

පරම රමණී අපේ ආලේ
සදාකල් සැපත වී මූලේ
සමාජේ රුදුරු කාන්තාරේ
කොහේ අපි යමුද නොම තේරේ

මෙ ලෝකේ මාගෙ දිවි හින්දා
ඔබයි මා ප්‍රේමයේ සුහදා //
හිතුවෙදෝ මා කෙසේ ආශා

දිලේ අර තාරකා චන්ද්‍රා
අපේ පෙම් මන්දිරේ සරසා

පරම රමණී අපේ ආලේ
සදාකල් සැපත වී මූලේ
සමාජේ රුදුරු කාන්තාරේ
කොහේ අපි යමුද නොම තේරේ
පරම රමණී



ගායනය - මොහිදීන් බෙග්, රුක්මණී දේවී
සංගීතය - ආර්. මුත්තුසාමි
පද - ඩබ්ලිව්.බෙනඩික්ට් ප්‍රනාන්දු
නළඟන චිත්‍රපටියෙන්




වීඩියෝව ගත්තෙ මෙතනින් - sindulanthe

Comments