නිල් ගිණි දැල්ලේ - විශ්මිත සචින්තන | Nil gini dalle - Wishmitha Sachinthana


නිල් ගිණි දැල්ලේ ලෙලෙනා පහනේ
ලෝකෙට දේ ආලෝක
සිළුවේ මැවෙනා සඳ සේ උවනා
ළඳුනේ ඔබ මට ඕනා

මේ දෑසෙන් පැන යන්න බෑනේ
පෙර සිටම පුරුදුයි වගේ නේ

මං වාගේ තරුණන්ගේ ආලයට ලෝබේ //
බහ දෙන්න බයවෙන්නේ ඇයි බයද මැණිකේ
ප්‍රේමෙට බැහැ කීවේ නැති නම් රහක් නෑ නගෝ
බහ දුන්නොතින් සතුට උහුලන්න ආසයි නගෝ


මේ තරුණ කරුණාව තේරෙන්නේ නෑ
නුඹ තාම අඳුණන්නේ නෑ //
පස්සෙන්ම ආවාට හැංගෙන්නෙපා
ඉවසීම නැති වෙන්නේ නෑ
පාවී... පාවී...
යනෙනා තාලේ කවුරු කීවත් දඟකාරයි
සිනහ වී ඇයි රවන්නේ මා කියු දේ ස්ථීරයි
අනේ තරහක් නැහැ හිතේ කහටක් නැහැ
ප්‍රේමෙට බැහැ කීවේ නැති නම් රහක් නෑ නගෝ
බහ දුන්නොතින් සතුට උහුලන්න ආසයි නගෝ


ඇයි යන්නේ නෑහුණා වගේ
අනේ ආදරෙයි පණ වගෙයි
ඇයි යන්නේ නෑහුණා වගේ


මේ රුසිරු වරුණාව නවතින්නෙ නෑ
ලැසි ගමන ඉවසන්න බෑ //
ප්‍රේමයට හා කියලා පැන යන්නෙපා
ජීවිතය යාදෙන්නේ නෑ
පාවී... පාවී...
යනෙනා තාලේ කවුරු කීවත් දඟකාරයි
සිනහ වී ඇයි රවන්නේ මා කියු දේ ස්ථීරයි
අනේ තරහක් නැහැ හිතේ කහටක් නැහැ
ප්‍රේමෙට බැහැ කීවේ නැති නම් රහක් නෑ නගෝ
බහ දුන්නොතින් සතුට උහුලන්න ආසයි නගෝ

මං වාගේ තරුණන්ගේ ආලයට ලෝබේ //
බහ දෙන්න බයවෙන්නේ ඇයි බයද මැණිකේ
ප්‍රේමෙට බැහැ කීවේ නැති නම් රහක් නෑ නගෝ
බහ දුන්නොතින් සතුට උහුලන්න ආසයි නගෝ

ප්‍රේමෙට බැහැ කීවේ නැති නම් රහක් නෑ නගෝ


ගායනය - විශ්මිත සචින්තන
ගී පද - කැළුම් ශ්‍රීමාල්
හින්දි ගී තනුවක් ඇසුරිනි





ගීතය ඇසීම සඳහා රූප රාමුව - 9:28

වීඩියෝව ගත්තෙ මෙතනින් - Oshan Akalanka

Comments