මල්බර හිමිදිරියේ - නෙවිල් ප්‍රනාන්දු, රුක්මණි දේවී | Malbara himidiriye - Neville Fernando, Rukmani Devi - sinhala lyrics



මල්බර හිමිදිරියේ
කොයිබද සමනලියේ
යන්නේ හිරු එළියේ
කියන්න සියුමැලියේ

සීතල මද පවනේ
මම මල් ගොමු වෙත යන්නේ
මා සොයමින් එන්නේ
මගෙ පෙම්වත හමුවන්නේ


මී මැසි බඹරුන්
පරදා හැර මම
ඔබ වෙතටම දුවමි
ලා හිරු රැස් වැද
බබලන ඔබෙ තටු දෙක
මම සිප ගනිමි

රන් තරු මුසු මල්
කිරුළක් සාදා
ඔබේ හිසේ තබමි
රන් විමනක මැද
ඔබ වෙනුවෙන් පෙම්
රජ දහනක් මවමි


මල්බර හිමිදිරියේ
කොයිබද සමනලියේ
යන්නේ හිරු එළියේ
කියන්න සියුමැලියේ

සීතල මදපවනේ
මම මල් ගොමු වෙත යන්නේ
මා සොයමින් එන්නේ
මගෙ පෙම්වත හමුවන්නේ


මල් පෙති අග රැඳි
පිණි බිඳු එක් කොට
ඔබෙ මුව පිරිමදිමි
මල්වල රොන් ගෙන
එම හා මුසු කොට
රස කර එය පොවමි

මල් අතරින් මම
හොඳම මලක් ගෙන
ඔබ වෙත එය පුදමි
ඒ සැමටම වැඩියෙන්
අගනා මගෙ
හදවත ඔබට දෙමි


සිරිබර හිමිදිරියේ
ආසිරි පැතිරෙන්නේ
මල් පෙති විසිරෙන්නේ
ගී හඬ මුසු වෙන්නේ

කොවුලන් නද දෙන්නේ
පොඩි කුරුලන් නද දෙන්නේ
අප දෙස බලමින්නේ
උන් සැමදෙන හිනැහෙන්නේ



ගායනය - නෙවිල් ප්‍රනාන්දු, රුක්මණි දේවී
සංගීතය - පැට්‍රික් දෙණිපිටිය




වීඩියෝව ගත්තෙ මෙතනින් - rukmanidevi lanka

මෙම ගීතයේ පසුව ගායනා කරන ලද අනුවාදයක්



වීඩියෝව ගත්තෙ මෙතනින් - padma perera

Comments

  1. If You can get Neville's " Udaratakandukara siri paradala vinoda vannata awe" highly appreciated.

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...