මල් යහනාවකි ලෝකේ - එම්. එස්. ප්‍රනාන්දු | Mal yahanawaki loke - M S Fernando - sinhala lyrics


මල් යහනාවකි ලෝකේ
නැහැවෙයි චන්ද්‍රාලෝකේ

යන නොසිතු වෙලාවක වියැකී
ජීවය තණ අග පිණි බිඳකී //
මල් යහනාවකි ලෝකේ
නැහැවෙයි චන්ද්‍රාලෝකේ


ඊයේ ගතවිය හෙට පැමිණී නැත
අද පමණයි ඇත්තේ
අද පමණයි ඇත්තේ //
සඳ බැස යාවිද‍ ඉරු නැග ඒවිද
එය ස්ථිර නැත්තේ
එය ස්ථිර නැත්තේ //

සිතෙහි සතුට නැත සදහට පවතින්නේ
ලැබුණු තැනදි ඇයි සිතමින් ළතවෙන්නේ

මල් යහනාවකි ලෝකේ
නැහැවෙයි චන්ද්‍රාලෝකේ //
යන නොසිතු වෙලාවක වියැකී
ජීවය තණ අග පිණි බිඳකී //
මල් යහනාවකි ලෝකේ
නැහැවෙයි චන්ද්‍රාලෝකේ


රන්වන් පැහැයෙන් රහසින් අමතන
මීවිත අතට ගමු
මීවිත අතට ගමු //
මල් මදිරාවේ පෙම් සිළිලාරෙ
රසවිද ඔකඳ වෙමු
රසවිද ඔකඳ වෙමු //

පියා සලාගෙන කාලය පියඹනවා
පමා වුනෝතින් අප මග තනිවෙනවා

මල් යහනාවකි ලෝකේ
නැහැවෙයි චන්ද්‍රාලෝකේ //
යන නොසිතු වෙලාවක වියැකී
ජීවය තණ අග පිණි බිඳකී //
මල් යහනාවකි ලෝකේ
නැහැවෙයි චන්ද්‍රාලෝකේ

අඬමින් ඉපදී අඬමින් පසු වී
අඬමින් අප යන්නේ
අඬමින් අප යන්නේ //
එහෙනම් චුට්ටක් විනෝද වෙමු අපි
ඇයි බල බල ඉන්නේ
ඇයි බල බල ඉන්නේ //
පළ නැත අවුරුදු සියයක් සුසුම් හෙලා
දවසක් ජීවත් වෙමු අපි උදම් වෙලා

මල් යහනාවකි ලෝකේ
නැහැවෙයි චන්ද්‍රාලෝකේ //
යන නොසිතු වෙලාවක වියැකී
ජීවය තණ අග පිණි බිඳකී //
මල් යහනාවකි ලෝකේ
නැහැවෙයි චන්ද්‍රාලෝකේ


ගායනය - එම්. එස්. ප්‍රනාන්දු
සංගීතය - ප්‍රේමලාල් දන්වත්ත, ෂෙල්ටන් පෙරේරා
ගී පද - කරුණාරත්න අබේසේකර

ඩොමී ජයවර්ධනයන්ගේ සිංගප්පූරු චාලි චිත්‍රපටියෙන්




වීඩියෝව ගත්තෙ මෙතනින් - Dr196903

Comments