ගී පොතයි මී විතයි - ඩබ්ලිව්. ඩී. අමරදේව | Gee pothi mee withai - WD Amaradewa - sinhala lyrics


ගී පොතයි මී විතයි
ඒ දෙකම මට එපා
ගී පොතයි මී විතයි
ඒ දෙකම මට එපා

යුග නයන ගී පොතයි...
යුග නයන ගී පොතයි
ගත දවන මී විතයි
මා පතන ගී පොතයි
මී විතයි ඔබ සතුයි
ගී පොතයි මී විතයි

අවන්හල නැති සුරා
ලවන් විත උර උරා
වහස් බැල්මෙන් නුරා
රහස් ගී කිය කියා
ගී පොතයි මී විතයි

මගේ හදවත එයින්
සදාකල් මත් කරන්
කිසිම ගීයක් නොවේ
ඒ තරම් රස නොවේ

ගී පොතයි මී විතයි
ඒ දෙකම මට එපා
ගී පොතයි මී විතයි
ඒ දෙකම මට එපා

යුග නයන ගී පොතයි...
යුග නයන ගී පොතයි
ගත දවන මී විතයි
මා පතන ගී පොතයි
මී විතයි
ඔබ සතුයි


ගායනය, සංගීතය - ඩබ්ලිව්. ඩී. අමරදේව
ගී පද - මහගමසේකර




වීඩියෝව ගත්තෙ මෙතනින් - Sujeewa Gunasekara

Comments

  1. ටික කාලෙකට පස්සේ මේ පැත්තේ ආවේ.. ඒ ටිකට සෑහෙන පද එකතු වෙලා.. මරු..

    පොඩි ඉල්ලීමක් තියෙනවා කරන්න..

    පුලුවන් නම් ගායනය, සංගීතය, ගී පද වලට අමතරව ගීත ඇල්බමයයි චිත්‍රපට ගීතයක් නම් චිත්‍රපටයේ නමයි දාන්න ට්‍රයි කරමු ද?

    ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. අපිට හමුවෙන හැම තොරතුරක්ම දාන්න උත්සාහ කරනවා :-) දිරිගැන්වීමට ස්තූති වේවා!

      Delete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...